1200 x 80 DMirror


විදුලිබල අර්බුදයක් හරහා රට හා ජනතාව අපහසුතාවයට පත් කොට නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය තුට්ටු දෙකකට මිලදී ගැනීමේ යටි අරමුණින් චීන සමාගමක්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාගමක් සමග එක්ව

කුමන්ත්‍රණයක් කරමින් සිටින බව ඇතැම් සමාජ මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

මෙවර ගල් අඟුරු මිලදී ගැනීමේදී බරපතල වංචාවක් සිදුව ඇතැයි ඇතැම් දේශපාලනඥයින් හා මාධ්‍ය ගෙනයන ප්‍රචාරය එම කුමන්ත්‍රණයේ ම කොටසක් වියහැකි බව එම මාධ්‍ය විසින් සැක මතුකර ඇත.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා ලැබුණු අඩුම ලංසුවට අනුව ලංකා ගල් අඟුරු සමාගම විසින් Black Sand Commodities FZ-LLC නැමැති එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සමාගමකට ඊට අදාළ ටෙන්ඩරය අප්‍රදානය කර තිබේ.




ගල් අඟුරු ටෙන්ඩරය අඩුම ලංසුවට..



පසුගිය 25 වනදා එම ටෙන්ඩර්ය ලබාදුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණූමේ සටහනක් තබමින් සඳහන් කළේය.

එම ටෙන්ඩර් නිකුත් කිරීම නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමය කරමින් සිදුකර ඇති බව අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා පවසන පරිදි, ගල් අඟුරු ටොන් මිලියන 4.5 ක්, ගල් අඟුරු වාර දෙකකින් ලබාගැනීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය අධීක්ෂණය යටතේ ලංකා ගල් අඟුරු සමාගම කටයුතු කර ඇත්තේ කැබිනට් අනුමැතියකින් පසුව ය.

රජය විසින් පත්කල තාක්ෂණික ඇගයීම් කමිටුව සහ කැබිනට් මණ්ඩලය මගින් පත්කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මඟින් මෙම ටෙන්ඩරය ප්‍රදානය  කිරීමට අනුමැතිය ලබාදී ඇත.

එමෙන්ම පුනර්ජනනීය බලශක්ති සැලසුම්වල ප්‍රගති සමාලෝචන රැස්වීමක් කංචන විජේසේකර අමාත්‍යවරයා සමග ද පවත්වා ඇත.


Screenshot 2022 08 27 at 10.33.46 PM

ගල් අඟුරු නැව්ගත කළ දිනයේ සිට සැපයුම්කරු මාස 06ක ණය පහසුකමක් ලබාදීමට එකඟතාවය පළකර ඇතැයි ද වාර්තා වේ. වර්තමාන මුල්‍ය අර්බුදකාරී තත්ත්වය හමුවේ එය වඩාත් වාසිදායක එකඟත්වයක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.

නමුත් එම සැපයුම කඩාකප්පල් කොට ඒ තුළින් ජාතික විදුලිබල පද්ධතියට විදුලි සැපයුම අඩාල කිරීමට විපක්ෂ ඇතැමුන් කටයුතු කරමින් සිටින බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

වර්තමානයේ ලෝකය පුරාම  උද්ගත වී ඇති භූ දේශපාලනික තත්ත්වයන් තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතාමත් බරපතළ පසුබෑමකට ලක් වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස රට තුළ විදේශ විනිමය සංචිත ක්ෂය වීම නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ පවා ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය