leader s

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල විසින් සංවිධානය කරන ලද විරෝධතාව අතරතුර පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ
නිහාල් තල්දූව පවසයි.

ඊයේ (අගෝ. 30) පස්වරුවේ පැවති එම විරෝධාතාව විසුරුවා හැරීම සඳහා මරදාන ඩීන්ස් පාර අසලදී පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය.

“මර්දනය නවතනු, රනිල්-රාජපක්ෂ ජුන්ටාව පන්නමු,” මැයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විරෝධාවක් සංවිධානය කර තිබූ අතර වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන ඒකාබද්ධව මෙම විරෝධතාව පැවැත්විණි.

අවස්ථා කිහිපයකදී දැනුවත් කළ ද විරෝධතාකරුවන් පොලිස් අණ නොතකා ක්‍රියා කිරීම නිසා මෙලෙස විසුරුවා හැරීමට පියවරගත් බව පොලීසිය පවසයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් සිදුකරන මර්දනය නවත්වන ලෙස සහ එම පනත යටතේ සිරගත කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන් ජීවන්ත ගුණතිලක සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි නිදහස් ඉල්ලමින් මේ විරෝධතාවය සංවිධානය කර තිබුණි.

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්