leader s

රටින් පලාගොස් මේ දිනවල තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට සිකුරාදා (සැප්. 2) රාත්‍රී යළි දිවයිනට පැමිණීමට නියමිත බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

ඒ අනුව, හිටපු ජනාධිපතිවරයාත් ඔහුගේ බිරිඳත්, ප්‍රධාන ආරක්ෂක නිලධාරීන් බ්‍රිගේඩියර් මහින්ද රණසිංහත්, පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාරත් හෙට දිවයිනට පැමිණීමට නියමිත බව පැවසේ.

හිටපු ජනාධිපතිවරයාට කොළඹ බුලස් මාවතේ ආරක්‍ෂිත නිල නිවසක් වෙන්කර දීමටත්, ඔහුට උපරිම ආරක්ෂාවක් සැලසීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේවනවිට පියවර ගෙන ඇත.

ගෝඨාභය රාජපක්ෂට මෙරට පදිංචිය සඳහා හිටපු ජනාධිපතිවරයෙකුට ලැබෙන පහසුකම් සියල්ල සැලසෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පසුගිය දා පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ආණ්ඩු විරෝධී අරගලය හමුවේ ශ්‍රී ලංකාවෙන් පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අගෝස්තු 11දා තායිලන්තයේ රැකවරණ ලබාගැනීමට සිදුවිය.  
gotabaya12
ජූලි 09 වැනිදා ගාලු මුවදොර ඇතුලුව රටපුරා ඇති වූ දැවන්ත ජන අරගලය හමුවේ ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වැනිදා අලුයම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගියේය.ඒ සිය බිරිඳ හා ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සමඟය.

ඊට පසුදින ඔහු සෞදි ගුවන් සේවයට අයත් යානයකින් සිංගප්පුරුවට ගොස් තිබුනේ තාවකාලික සංචාරක වීසා බලපත්‍රයක් මතය.

අනතුරුව ඔහු ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය.

ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවේ රැඳී සිටීමට ලබා දී තිබූ කෙටි කාලීන සංචාරක බලපත්‍රය කල් ඉකුත් වීමෙන් පසු අගෝස්තු 11දා තායිලන්තය බලා පිටත්ව ගියේය.

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්