leader s

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලයේ (HND) හිටපු කැඳවුම්කරු හරිත දර්ශන ඊයේ (02) දින රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පසුගිය මැයි 21 වනදා සිදුකල උද්ඝෝෂණයකට සම්බන්ධ වීම හේතුවෙන් ආණ්ඩුව විසින් සාවද්‍ය චෝදනා එල්ලකරමින් ඔහුට එරෙහිව නඩු පවරා ඇති බව ශිෂ්‍ය ක්‍රියාකාරීන් පවසති.

ඊයේ දින පැවති නඩු විභාගය සඳහා ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී ඇති අතර එහිදී, ඔහුව සැප්තැම්බර් 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

පසුගිය මැයි 21 වනදා සිදුකල උද්ඝෝෂණය සම්බන්ධයෙන් දුන් අධිකරණ නියෝගය කැඳවුම්කරු හරිත දර්ශන වෙත ලබා දී තිබියදි ඔහු එය නොතකා කටයුතු කළේ යැයි ඔහුට චෝදනා එල්ල කර ඇති නමුත් එවැනි කිසිදු නියෝගයක් පොලීසිය තමන්ට ලබා නොදුන් බව හරිත දර්ශන වෙනුවෙන් ඉදිරිපත් වූ නීතීඥයෝ සඳහන් කරති.

JDS 2022.09.03
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්