1200 x 80 DMirror

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ වත්මන් පරිපාලනයේ නිල කාලය අගෝස්තු 31 වැනිදා අවසන්වුවද,

එම ආයතනයේ ව්‍යවස්ථාව සංශෝෂණය කර මාස දෙකක් ඇතුලතදී නිලවරණයක් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යවරයා තීන්දුකර ඇතැයි වාර්තාවේ.

ඒ, අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ නියෝජිතයින් හා ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ බලධාරීන් සමග පැවති සාකච්ජාවකින් අනතුරුවය.

මෙරට පාපන්දු පරිපාලනය අඛණ්ඩව පවත්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ (FIFA) හා ආසියානු පාපන්දු සමුළුවේ දූත පිරිසක් මේවනවිට දිවයිනට පැමිණ සිටිති. එම දූත පිරිසේ නායකත්වය දරන්නේ අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ නීති කමිටුවේ අධ්‍යක්ෂවරයෙකු විසිනි.

මෙම දූත පිරිස ඊයේ (06) දිනයේ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ, ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් සහ මෙරට පාපන්දු පරිපාලනයේ ප්‍රධානීන් සමග මෙරට පාපන්දු ක්‍රීඩාව නංවාලීමට අදාලව දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබිණ.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) ව්‍යවස්ථාවට අනුකුලව මෙරට පාපන්දු සම්මේලනයේ ඇතැම් වගන්ති සංශෝධනය කිරීමට ක්‍රීඩා ඇමතිවරයා එහිදී එකඟත්වය පළකර තිබේ.

ශ්‍රී ලංකාවට අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ හා ආසියානු පාපන්දු සමුළුවේ දූත පිරිසක් මෙලෙස මෙරටට පැමිණ ඇත්තේ, ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් ඉකුත් දා කටාර් රාජ්‍යයේ ස්ථාපිත ආසියානු පාපන්දු සමුළුවේ මූලස්ථානයේ දී අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ගිආනි ඉන්ෆැන්ටිනෝ මුණගැසී, ශ්‍රී ලංකාවේ පාපන්දු නිලවරණයේ ඉදිරි ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් සැළසුම් සකස් කිරීම සඳහා මෙරටට එන්නැයි කළ ආරාධනයක් අනුවය.

View the embedded image gallery online at:
https://theleader.lk/news/13262-fifa#sigProId265c5bdef2



ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය අගෝස්තු 31 වැනිදා පැවැත්වීමට සැළසුම් කර තිබුණ ද පසුගිය මැයි 17  වැනිදා නිලවරණයේ සැළසුම් සාකච්ඡා කිරීම සඳහා පොළොන්නරුවේදී කැඳවා තිබූ විශේෂ මහා සභාව අධිකරණයේ නියෝගයකින් වාරණය කෙරුණි. ඒ හේතුවෙන් අගෝස්තු 31 වැනිදා සැළසුම් කළ පරිදි නිලවරණය පැවැත්වීමට නොහැකි  විය.

අවසන් වරට පාපන්දු ආයතනයේ නිලවරණයක් (2021-22) පවත්වා ඇත්තේ 2021 ජුනි 30 වැනිදාය.

පසුගිය මැයි 31 වැනිදාට පෙර නිලවරණය පවත්වා අවසන් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය උපදෙස් දී තිබුණත් පසුගිය කාලය පුරා රටේ පැවති කලබලකාරී තත්ත්වයන් හමුවේ පාපන්දු නිලවරණය ඇතුළුව මැයි 31 වැනිදාට පෙර නිලවරණ පවත්වා අවසන් කළ යුතු ජාතික ක්‍රීඩා සංගම් සඳහා ඉදිරියට බල පැවැත්වෙන මාස තුනක සහන කාලයක් ලබාදී තිබුණි.



මේ අතර අන්තර් ජාතික පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට උපදෙස් දී තිබුණේ සිය සම්මේලනයට සමගාමීව යන නව ව්‍යවස්ථාවක් අනුමත කර ගනිමින් මීළඟ පාපන්දු නිලවරණය පැවැත්විය යුතු බවයි. එහෙත් එහි කෙටුම්පත මෙතෙක් සකස් කර අවසන් වී නොතිබුන බැවින් මීළඟ නිලවරණය නව ව්‍යවස්ථාවට අනුගතව පැවැත්වීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් මතුවිය.



පාපන්දු ආයතනයේ වත්මන් නිල කාලය අවසන්වීමෙන් පසුව අළුත් විධායක සභාවක් පත් නොවීම තුළ එහි කටයුතු පවත්වාගෙනයාම තෙවැනි පාර්ශවයකට පැවරීම අන්තර් ජාතික පාපන්දු සම්මේලනය අනුමත නොකළේය.  

මේ හා සමාන සිදුවීමක් ඉකුත්දා අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා විය. ඒ සමස්ත ඉන්දීය පාපන්දු සම්මේලනය අත්හිටුවමින් පරිපාලන කමිටුවකට බලය පැවරීම අන්තර් ජාතික පාපන්දු සම්මේලනය ඉවත දැමීය.

එහි ප්‍රතිඵලය වූයේ පසුගිය දින කීපයේදී ඉන්දියාවට අන්තර් ජාතික පාපන්දු තහනමක් පැනවීමයි. කෙසේ වුවත් සමස්ත ඉන්දීය පාන්දු සම්මේලනයට යළි එරට පාපන්දු පරිපාලනය පැවරීමට ඉන්දීය රජය ගත් ක්‍රියාමාර්ගයන් සමග අගෝස්තු 22 සිට එම තහනම ඉවත් කිරීමට අන්තර් ජාතික සම්මේලනය පියවර ගත්තේය.


ශ්‍රී ලංකා පාපන්දු ආයතනයට වසර 4 කදී කෝටි 55 ක්


sdfksdm

අන්තර් ජාතික පාපන්දු සම්මේලනය වාර්ෂිකව සිය සාමාජික රටවලට ලබාදෙන පාපන්දු ප්‍රවර්ධන මූල්‍යාධාර ගෙවීම් 25% කින් වැඩි කිරීමට ගෙන තිබෙන තීරණය හමුවේ ශ්‍රී ලංකාවට ඔවුන්ගෙන් ලැබෙන මුල්‍යාධාර ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ඉදිරි සිව් වසරක කාර්තුවක් (2023-26)  සඳහා ශ්‍රී ලංකාවට ලැබෙන අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ මූල්‍යාධාර ගෙවීම් ඇමරිකානු ඩොලර් මිලියන 13ක් දක්වා වන ආසන්න අගයක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අතර ආසියානු පාපන්දු සමුළුව සිව් වසර කාර්තුවක් සඳහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 2.6 ක් තරම් වන ගෙවීමක් කරයි. ඒ අනුව මෙරටට ලැබෙන අන්තර් ජාතික හා ආසියානු සමුළු ප්‍රවර්ධන පාපන්දු මූල්‍යාධාර ගෙවීම් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 55ක් තරම් අගයක් ගනියි.

ඔවුන් වෙතින් මෙම ආධාර මුදල් ලැබෙන්නේ විශේෂ ව්‍යාපෘති හා යටිතල පහසුකම් ප්‍රවර්ධනය සඳහා ලබාදෙන අමතර ගෙවීම් හැරෙන්නටය.

මේ අතර ශ්‍රී ලංකාවේ පාපන්දු ප්‍රවර්ධනය සඳහා සෞදි අරාබිය, කටාර් රාජ්‍යය හා ජපානය ද විශේෂ මූල්‍යාධාර හා යටිතල පහසුකම් එළඹෙන වසර තුනක් සඳහා මෙරටට ලබා දීමට එකඟ වී තිබේ.  

ඒ අනුව මෙරට පාපන්දු පුහුණුකරුවන්ගේ ප්‍රවර්ධනයට දායක වන ඉදිරි පුහුණු ව්‍යාපෘති හා වැඩසටහන් සඳහා මෙරටට වාර්ෂිකව මුදලින් රුපියල් කෝටි 18ක් බැගින් වන ආධාර ලබාදීමට එකඟවී තිබේ.

ඒ අතර මෙරට පාපන්දු යොවුන් ව්‍යාපෘති වැඩසටහන් සඳහා සෞදි අරාබියෙන් වාර්ෂිකව ඩොලර් ලක්ෂයක් හා ජපානයෙන් ඩොලර් 50,000 කට ආසන්න වන ගෙවීම් හා වටිනාකමින් යුත් ප්‍රවර්ධන වැඩසටහන් ලබාදේ.

කොවිඩ් ව්‍යසනයෙන් බලපෑමෙන් ආර්ථිකය කඩා වැටුණු ශ්‍රී ලංකාවට අන්තර් ජාතික පාපන්දු සමුළුවෙන් ලබාදෙන ආධාර මුදල් තවත් වැඩි කිරීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කරන බවට ආසියානු පාපන්දු සමුළුවේ මූලස්ථානයේ දී අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ගිආනි ඉන්ෆැන්ටිනෝ එකඟත්වය පළකර ඇත. 

 

 

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය