leader s

ආසියානු දැල් පන්දු ශූරතාවය දිනා ගත් ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

ඔවුන් පිළිගැනීම සදහා ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික දැල් පන්දු සම්මේලනයේ සභාපති ලක්මි වික්ටෝරියා ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

උඩරට, පහතරට සහ ඉන්දියානු බෙර වාදන සහ නර්තනයන් මධ්‍යයේ මෙම ජයග්‍රාහී දැල් පන්දු කණ්ඩායම ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැදවා ගෙන එනු ලැබීය.

image c58fcd0a97


ශ්‍රී ලංකාව 6 වැනි වරටත් ආසියානු නෙට්බෝල් ශූරතාව දිනා ගැනීමට පසුගිය ඉරිදා (11) සමත් විය.

ඒ, සත්කාරක සිංගප්පූරුවට එරෙහි අවසන් මහා තරගය ලකුණු 63ට 53ක් ලෙස ජය ගනිමින් ය.

තරගයේ පළමු කාර්තුවේදී සිංගප්පූරුව ඉදිරියෙන් සිටි නමුත් ඉතිරි කාර්තු 3දීම සිය අණසක පැතිරවීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූවාය.

ශ්‍රී ලංකාව, ආසියානු නෙට්බෝල් ශූරතාව මෙවර දිනා ගත්තේ අඛණ්ඩව දෙවැනි වරට වීම විශේෂත්වයකි.

PHOTO 2022 09 11 17 33 12
 

{gallery}Netball asia cup 2022{/gallery}

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්