1200 x 80 DMirror

මධ්‍යම කාරක සභාවේ තීරණයට පටහැනිව ඇමැති ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරු අටදෙනකුට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට

පක්ෂ නායකත්වය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභාව තීන්දු කර ඇත්තේ වත්මන් ආණ්ඩුවේ කිසිදු ඇමැති ධුරයක් ලබා නොගැනීමටයි.

එම තීරණයට පටහැනිව නිමල් සිරිපාල ද සිල්වා හා මහින්ද අමරවීර යන මන්ත්‍රිවරු කැබිනට් ඇමැති ධුර ලබාගත්හ.

ඉන්පසු රංජිත් සියඹලාපිටිය, චාමර සම්පත් දසනායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, ශාන්ත බණ්ඩාර යන මන්ත්‍රිවරු රාජ්‍ය ඇමැති ධුර ලබාගත්හ.

පක්ෂ සභාපතිවරයාට ලැබී ඇති බලතලවලට අනුව ඉදිරි දිනවලදී විනය පරීක්ෂණ පවත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස තහවුරු කළේය.

කෙසේ වෙතත් මීට පෙර නිමල් සිරිපාල ද සිල්වා ඇමැති ධුරයක දිවුරුම් දීමෙන් පසු ඔහු කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පැවරූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ඇතුළු පිරිස අධිකරණයට දන්වා සිටියේ ඔහුට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රි දුමින්ද දිසානායකටද ඇමැති ධුරයක් ඉදිරි දිනවලදී ලැබීමට නියමිතය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග දයාසිරි ජයසේකර, අංගජන් රාමනාදන්, ශාන් විජයලාල් ද සිල්වා හා දුෂ්මන්ත මිත්‍රපාල යන මන්ත්‍රිවරු පමණක් මෙතෙක් ඇමැති ධුර ලබාගෙන නොමැත.


(aruna.lk)


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය