leader s

ජනතාව තමා කෙරෙහි විශ්වාසය තබා ඇති බවත් තමන්ට ජනතා සහාය ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.


ජනාධිපතිවරයා එබව සඳහන් කළේ, ඔස්ට්‍රේලියානු ABC නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

තමා සැමවිටම නිවැරදි දේ කළ බව ඔහු එම සාකච්ඡාවේ දී අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග මෙම සම්මුඛ සාකච්ඡාව පැවැත්වුයේ ඔස්ට්‍රේලියානු ABC නාලිකාවේ දකුණු ආසියානු වාර්තාකාරිනී අවානි ඩයස්ය.

ශ්‍රී ලාංකික මාධ්‍යවේදිනියක වන මුදිතා ඩයස් සහ තිලක් ඩයස් දෙදෙනාට දාව උපන් අවනී ඩයස් ඔස්ට්‍රේලියානු ABC නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කළ පළමු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාව ද වේ.


''රටේ සහයත් ජනතා බහුතරයත් මට තියනවා ''- ජනපති


අවානි ඩයස් -
"ජනාධිපතිතුමනි, ඔබ බලයට පැමිණිමෙන් පසුව බලධාරීන් විරෝධතාකරුවන් ඉලක්ක කරගනිමින් අත්අඩංගුවට ගැනීම් සිදුකරනවා. එවැනි දේ තුළින් ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී ඇති අර්බුදයට විසඳුමක් ලැබෙයි ද?"


ජනාධිපති -
"මම හිතන්නේ නෑ රජයේ නිවාස ගිනි තැබීමෙන් අපිට මේ අර්බුදය නිමා කිරීමට හැකි බව. අපි සියල්ලන්ම එය තේරුම් ගත යුතුයි."

"ඔබ හිතනවාද ජනාධිපති මන්දිරය අත්පත් කරගැනීමෙන්, මගේ නිවස ගිනිතැබීමෙන් හෝ අග්‍රාමාත්‍යවරයාගේ නිවස අල්ලා ගැනීමෙන් පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට පැමිණිමෙන් අපේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබේවි කියලා."



අවානි ඩයස් -
"ඔබ හිතනවා ද පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමෙන් හෝ මර්දනයෙන් ප්‍රශ්න විසඳිය හැකි බව ?"

ජනාධිපති  -


"අපි අත්අඩංගුවට ගත්තේ නීතිය කඩකළ පුද්ගලයින් පමණයි. මම නොවේ එය කරන්නේ. එය පොලීසියට භාරදුන් කාර්යයක්. හරියට ඔබේ රටේ සිදුවනවා වගේ. පොලීසිය විසිනුයි චෝදනා ගොනුකරන්නේ. සියල්ල නීත්‍යානූකූලව සිදුකර තිබෙනවා."


අවානි ඩයස් -
"ජීවන්ත පියතුමා ඇතුළු විරෝධතාකරුවන්, අන්තර් විශ්වවිද්‍යාල සංගමයේ වසන්ත වැනි බොහෝ දෙනෙක්...?"


ජනාධිපති -
"මම දන්නවා ඔබ කතාකරනු ලැබු කණ්ඩායම් ගැන. ඔබ සුළුතර කණ්ඩායමකගේ ප්‍රශ්න මා වෙත යොමුකරන්නේ නම්, මම පිළිතුරු ලබාදෙන්නේ බහුතරය වෙනුවෙන්."


අවානි ඩයස් -
"ඔබට තේරුම් ගත හැකි ද බහුතරයක් මේ වනවිට පීඩාවට පත්වී ඇති බවත් සහ මේ ගැන කෝපයෙන් පසුවන බවත්...?"


ජනාධිපති  -
"මම දන්නවා රටේ බහුතරයක් පීඩාවට පත්වී සිටින බව. ඔවුන්ට විසඳුමක් අවශ්‍ය බව."


අවානි ඩයස් -
"ඔබට ඔබේ රටේ බහුතරයක සහාය පවතිනවා යැයි සිතනවා ද ?"


ජනාධිපති -
"ඔව්, මට බහුතරයේ සහාය සහ රට තුළ සහායත් පවතිනවා. මම තමයි නිවැරදි දේ ක්‍රියාත්මක කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුයි වගේ දේවල්.  ඒ නිසයි ඔවුන්ගේ විශ්වාසය සහ සහාය මට හිමිව ඇත්තේ. ඒකයි ඔවුන් මා පිළිබඳ විශ්වාසය පළකරන්නේ. මට එය සිදුකළ හැකියි කියා."

 
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්