leader s

අභාවප්‍රාප්ත දෙවැනි එලිසබෙත් රැජිනගේ අවසන් කටයුතු අද (19) සිදුකෙරේ.



අවමංගල්‍ය පෙරහැර නැරඹීමට සහ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය දැකබලා ගැනීමට මේ වනවිටත් විශාල පිරිසක් ලන්ඩන් නගරයට රැස් වී සිටිති.

රැජිනගේ දේහය එරට වේලාවෙන් උදෑසන 11ට වෙස්ට්මින්ස්ටර් ඇබී දේවස්ථානය වෙත රැගෙන ඒමට නියමිත අතර එහිදී ආගමික කටයුතු සිදු කෙරෙනු ඇත.

ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ රාජ්‍ය ගෞරව සහිතව සිදුකෙරෙන රැජිනගේ අවමංගල්‍ය සඳහා දෙස් විදෙස් ආරාධිතයින් 2,000ක් පමණ එක්වන බවය.

අනතුරුව රැජිනගේ දේහය, වින්ඩ්සර් මාලිගය දක්වා පෙරහැරකින් ගෙනැවිත්, වින්ඩ්සර්හි ජෝර්ජ් VI රජුගේ අනුස්මරණ දේවස්ථානයේ තැන්පත් කිරීමට නියමිතය.

එලිසබෙත් රැජිනගේ අවසන් කටයුතු සිදුකෙරෙන අයුරු සජීවී විකාශය පහතින්.

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්