leader s

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සදහා අවශ්‍ය උපදේශන හා නිරීක්ෂණ කටයුතු සදහා විදෙස් නියෝජිතයින් තිදෙනෙකු අද

(20) දින දිවයිනට පැමිණීමට නියමිතය.

ඊ‌ට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නිලධාරින් දෙදෙනෙකු හා ආසියානු පාපන්දු සම්මේලනයේ නිලධාරියෙකු ඇතුළත් වේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් පැවසුවේ, ව්‍යවස්ථා සංශෝධනය කිරීම පිළිබඳ නීතිමය කටයුතු හා ඒ සම්බන්ධයෙන් පහසුකම් සැපයීම් ආදි කටයුතු මෙම නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ පැවැත්වීමට නියමිතව ඇති බවයි.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී මෙම නිලධාරීන් ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ වැඩමුළුවක් පැවැත්වීමට නියමිත බවද හෙතෙම පැවසීය.

මෙම නියෝජිතයින්ගේ එකතුවෙන් අනිද්දා (22 දා) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථා සංශෝධනය කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මෙලනයේ ව්‍යවස්ථාව වසර 35 කින් පසු මෙසේ සංශෝධනය කිරීමට නියමිතය.

අවසාන වතාවට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව 2002 වර්ෂයේදි සුළු වශයෙන් වෙනස් කර ඇත.

මේ අතර ජාතික ක්‍රීඩා සංගම් සම්මේලන ව්‍යවස්ථාවට අදාලව විධි විධාන සංශෝධනය කරමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් සැප්තැම්බර් 16 දා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.

PHOTO 2022 09 20 12 47 02


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්