leader s

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථාව අද ( 22) තුනෙන් දෙකකටත් වඩා වැඩි බහුතරයකින් විශේෂ මහාසභා රැස්වීමේදී සම්මත වී ඇත.


මෙම ව්‍යවස්ථාවේ එක් ලීගයක් සදහා එක ඡන්දයක් වෙනුවට ඡන්ද තුනක් ලබාදීම පිලිබද වූ වගන්තියට පක්ෂව ඡන්ද 48 ක් ලැබුන අතර කිසිවකු විපක්ෂව ඡන්ද පාවිච්චි කර නොමැත. 13ක්  ඡන්දය දීමෙන් වැළකී තිබේ.

මෙම වගන්තිය හැර අනෙක් සියළු වගන්ති සදහා ඡන්ද 61 ක් ලැබී ඇති අතර කිසිවකුගේ විරෝධතාවයක් දක්වා නොමැත.

මෙම විශේෂ මහාසභා රැස්වීම වත්තල පෙගාසස් රීෆ් හෝටලයේදී පැවැත්විණි.

 

මෙම විශේෂ මහාසභා රැස්වීමට ව්‍යවස්ථා කෙටුම්පත නිරීක්ෂණයට දිවයිනට පැමිණ සිටින ජාත්‍යාන්තර පාපන්දු සංගමයේ නියෝජිතයන් දෙදෙනා සහ ආසියානු පාපන්දු සම්මේලනයේ නියෝජිතයාද සහභාගී විය.

 

මෙම නව  ව්‍යවස්ථාව සම්මත කර ගැනීමත් සමග ක්‍රීඩා අමාත්‍යවරයාගේ විශේෂ විධානයක් ද ලබා ගනිමින් 2022 ඔක්තොම්බර්  23 දින පාපන්දු සම්මේලනයේ නිලවරණය කැදවීමට තීරණය කර ඇත.

නිලවරණය වෙනුවෙන් විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුගෙන් සහ ඒ ශ්‍රේණියේ පරිපාලන නිලධාරියකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවක්ද පත් කර ඇත.



The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්