leader s

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම MCC අනුමැතිය ලබාදීම හරහා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඩොලර් මිලියන 480 ක මුදල මෙරටට අවාසිදායක යැයි පවසන්නේ ජනාධිපතිවරණයක්

පවතින අවස්ථාවක තම පිලට දේශපාලන වාසි ලබාගැනීමට බවත්, මෙය ලංකාවට එම ප්‍රදානය ලැබීමට යන ප්‍රථම වතාව නොවන බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව සමයේදීද කෘෂි වෙළෙඳපොළ තරඟකාරීත්වය වැඩි කිරීම සඳහා (ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවීමට) මෙය ඉවහල් වූ බවත් හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්.ඒ.විජේවර්ධන පැවසීය. 

කෙසේ වෙතත් මේ පිළිබඳ ජනතාවට වැටහෙන සිංහලෙන් කරුණු දැක්වීමට වත්මන් ආණ්ඩුවේ දේශපාලඥයින් අපොහොසත්වීම නිසා මෙම ප්‍රදානය සම්බන්ධව දුර්මත ඇති වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය. 

තමා මෙම ගිවිසුමට ප්‍රවාහන අංශයේ ව්‍යාපෘති සැකසීම හරහා සම්බන්ධ වූ බවත් මේ හරහා කළ යුත්තේ කුමක්ද? කා සඳහාද? ආදී ලෙස කිසිදු කොන්දේසියකට තමන් හට මුහුණ පෑමට සිදු නොවූ බවත් 'සහසර' නම් ව්‍යාපෘතිය හරහා  මෙමගින් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කිරීමට ඇ.ඩො. 330 ක පමණ මුදලක් ලැබී ඇති බවත් මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන හා ක්‍රම සම්පාදන අංශ ප්‍රධානී මහාචාර්ය අමල් කුමාරගේ කියා සිටියේය.

MCC ප්‍රදානය දුප්පත්කම තුරන් කිරීම පිළිබඳ ඇමරිකාව පිහිටවූ ආයතනයක් හරහා ලැබෙන අතර එය ශ්‍රී ලංකාව විසින් අයදුම්කර ඉන් තේරී පත්වීම නිසා ලැබුණු ප්‍රදානයක් වන අතර ඒ හරහා අප ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති පවා අපේ රටේ විශේෂඥයින් විසින් සකස්කළ ඒවා නිසා එමගින් රටේ ස්වෛරීභාවයට හානියක් සිදුනොවන බව මහාචාර්ය සිරිමල් අබේවර්ධන පැවසීය.

MCC ගිවිසුමට සම්බන්ධ ලිපි ලේඛන තමා ඉතා ගැඹුරින් හැදෑරූ බවත් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට එයින් කිසිදු හානියක් නොවන බවට තමාට සහතික විය හැකි බවත් රට ආර්ථික අර්බුදයක පවතින මෙවන් අවස්ථාවක එවැනි ප්‍රදානයක් ඉවත නොදමා එය රටේ මිනිසුන්ගේ දියුණුව වෙනුවෙන් යොදාගත යුතු බව ශ්‍රී ලංකාවේ ආයෝජන  මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ප්‍රකාශ කළේය.

(රාවය-වින්ද්‍යා ගමගේ)

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්