ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිල කාලය අවසන්වීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ ස්ථාවරය

ඉරිදා (25) වනවිටත් නිල වශයෙන් දැනුම්දී නොතිබුණු බැවින් කොළඹ රීඩ් මාවතේ පිහිටි පාපන්දු මූලස්ථානය සඳුදා දිනයේ (26) වසා තැබීමට තීරණය වී තිබේ.

මෙසේ පාපන්දු ආයතනය වසා තැබීමෙන් පාපන්දු ආයතනයේ නිලධාරින් හා සේවක සේවිකාවන් 82 දෙනකුට මෙම සැප්තැම්බර් මාසයට හිමි වැටුප් ගෙවීම ප්‍රමාද වන බව එහි සභාපති ජස්වර් උමාර් පැවසිය.

පාපන්දු ආයතනයේ සේවක සේවිකාවන්ට වැටුප් ගෙවීම මාසයේ 25 වැනි දිනට පෙර සිදුකළ යුතුව ඇත.

මේ අතර පාපන්දු සභාපතිවරයා වැඩිදුරටත් පැවැසුවේ ක්‍රීඩා අමාත්‍යංශය අද (25) දිනයේදී සිය ස්ථාවරය පැහැදිලි නොකරන්නේ නම් පාපන්දු ආයතනයේ සේවක සේවිකාවන්ට වැටුප් ගෙවීම ඇතුළුව තවත් පරිපාලන ගැටළු ගණනාවක් උද්ගතවිය හැකි බවයි. එසේ වුවහොත් එහි වගකීම ක්‍රීඩා අමාත්‍යංශය බාර ගත යුතු බවත් ඔහු පැවැසීය. විශේෂයෙන්ම සේවක සේවිකාවන්ගේ වැටුප් නියමිත දිනට ගෙවීමට නොහැකිවීම බරපතළ ගැටළුවක් වන බවත් ඔහු පැවැසීය.



අළුත්ම ගැටළුවක් නිර්මාණය වෙලා !

ක්‍රීඩා අමාත්‍යංශය මෙම වසරේ (2022) නිලවරණ පවත්වා අවසන් කළ යුතු ජාතික ක්‍රීඩා සංගම් වෙත එම නිලවරණ පැවැත්වීම සඳහා ලබන ඔක්තෝබර් 31 වැනිදා දක්වා ලබාදුන් සහන කාලය හදිසියේ අවලංගු කිරීමට ගත් තීරණය නිසා පාපන්දු සම්මේලනයේ වත්මන් නිල කාලය සම්බන්ධයෙන් අළුත්ම ගැටළුව නිර්මාණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ය කළ විමසුමේදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මෙසේ සඳහන් කර තිබිණ.

“පාපන්දු ආයතනයේ වත්මන් නිල කාලය අවසන්වීමෙන් පසුව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ අපි ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාට යොමු කළා. එතනදී අපි නිර්දේශ දෙකක් ඇමැතිවරයාට ඉදිරිපත් කළා.“

“පාපන්දු ආයතනයේ මීළඟ නිලවරණය කැඳවා අවසන් වනතුරු නිසි බලධාරියෙකු යටතේ එහි කටයුතු තාවකාලිකව පවත්වාගෙන යාම එහි පළමුවැන්නයි. දෙවැන්න හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ එතෙක් අතුරු කමිටුවක් පත්කර පාපන්දු පරිපාලන කටයුතු පවත්වාගෙන යන්න.. ඒ සඳහා ඇමැතිවරයා අනුමත කරන නිර්දේශය අපි ක්‍රියාවට නගනවා“ යයි අමල් එදිරිසූරිය පවසා ඇත.

FIFA
ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ මීළඟ නිලවරණය ලබන ඔක්තෝබර් 3 වැනිදා පැවැත්වෙන බව පසුගිය බ්‍රහස්පතින්දා (22) වත්තලදී පැවැති විශේෂ මහ සභා රැස්වීමේදී නිවේදනය විය. එය අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හා ආසියානු පාපන්දු සමුළුවේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.




ජාතික ක්‍රීඩා සංගම් සඳහා නිලවරණ පැවැත්වීම ඔක්තෝබර් 31 වැනිදා දක්වා ලබාදුන් සහන කාලය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මේ වනවිට අවලංගු කර තිබේ.

09 17

09 22

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්