leader s

ලංකා සතොස භාණ්ඩ ආනයන කරුවන්ගෙන් පරිප්පු සහ සැමන් වැඩි මිලට ගෙන පාරිභෝගිකයන් හට පරිප්පු කිලෝවක් රුපියල් 89 ක් සහ සැමන් ටින් එකක් රුපියල් 110ක් මිල අඩුවෙන් අලෙවි කිරීම හේතුවෙන් රුපියල්

කෝටි 600ක පමණ අලාභයක් භාණ්ඩාගාරයට සිදුවී ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් අනාවරණය වේ .

ඒ අනුව පරිප්පු කිලෝව රුපියල් 154 කට ආනයන කරුවන්ගෙන් මිලදී ගෙන පරිප්පු කිලෝවක් රුපියල් 65කටත්, රුපියල් 210 බැගින් මිලදී ගත් සැමන් ටින් එකක් රුපියල් 100 කටත් සතොස මගින් මහජනතාවට අලෙවි කෙරිණ.

හිටපු ජනාධිපති ඉකුත් කොරෝනා සමයේදී මහජනතාවට දෙන ලැබූ පොරොන්දුවක් මත මෙසේ අඩු මිලට පරිප්පු සහ සැමන් ලංකා සතොස හරහා අලෙවි කෙරිණ.


(lankadeepa.lk)

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

W

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්