leader s

ඇපල් සමාගම විසින් මෑතකදී වෙළෙඳපොළට නිකුත් කරන ලද iPhone 14 ජංගම දුරකතනය ඉන්දියාවේ නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇතැයි එම සමාගම පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චීනයෙන් බැහැරව සිය සැපයුම් දාම විවිධාංගීකරණය කිරීමට සමගාමීව ඇපල් සමාගම එම පියවර ගෙන ඇති බව ය.

ඇපල් සමාගම සිය දුරකතන බොහොමයක් චීනයේ නිපදවන නමුත් අමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර ගැටලු ඉහළ යාමත් සමග ඇතැම් නිෂ්පාදන චීනයෙන් පිටත සිදු කළ බව එම වාර්තාවල දැක්වේ.

චීනය කොවිඩ්-19 සම්බන්ධයෙන් ක්‍රියාත්මක කර ඇති ප්‍රතිපත්ති ව්‍යාපාර කටයුතු සඳහා විශාල බාධා ද ඇති කර ඇත.

ඇපල් සමාගම මෙම මස මුලදී සිය නවතම iPhone ජංගම දුරකතනය මාදිලිය එළිදැක්වීය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තායිවානය පදනම් කර ගත් ෆොක්ස්කොන් සමාගම ඇපල් සමාගමේ බහුතරයක් ජංගම දුරකතන නිෂ්පාදනය කරන අතර එම සමාගම 2017 වසරේ සිට දකුණු ඉන්දියාවේ තමිල් නඩු ප්‍රාන්තයේ සිය මෙහෙයුම් සිදු කර ඇති බව ය.


(mawbima.lk)


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්