තෙල්වලින් ඩීල් දාන ‘රාජපක්ෂවරුන් කව්දැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ඊයේ (04) පාර්ලිමේන්තුවේදී විමසා සිටියේය.



තෙල් සංස්ථාවේ සිදුවන මහා පරිමාණ වංචාවන් නැවැත්වීමට ජනාධිපතිවරයා වහාම පියවර ගතයුතු බවද ඔහු අවධාරණය කළේය.

දැනට ආණ්ඩුවට ඉන්ධන ටික හෝ ගෙන්වා ගැනීමට හැකි වී ඇත්තේ මේ වන විට ලංකාව ගෙවිය යුතු ඩොලර් ණය වාරික නොගෙවන නිසා ඉතිරිවන ඩොලර් නිසා මිස අන් යමක් නිසා නොවනබව පැවසු මන්ත්‍රීවරයා, ඒ ඩොලර් සොච්චමෙන් ද මසකට ඩොලර් මිලියන 8.4 ක් ගසා කන බව කියා සිටියේය.

ඔහු නම් වශයෙන් හෙළි නොකළ ද එකී ගසා කෑම සිදුකරන්නේ රාජපක්ෂවරුන් බව හැඟවීය.

ජාත්‍යන්තර සබඳතා මගින් රට ඉහළට ඔසවා තබන බව කියමින් බලයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවම වශයෙන් ජනතාවගේ මූලික අවශ්‍යතාවන් හෝ විසඳීමට නොහැකි වී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

 
විවේචනවලට ප්‍රතිචාරයක් !

ලංකාවට බොර තෙල් සැපයීම සම්බන්ධයෙන් මේ වන විට විවිධාකාරයේ පුවත් සමාජ මාධ්‍ය හා ඩිජිටල් මාධ්‍ය නාලිකාවල වේගයෙන් සංසරණය වෙමින් පවතී.

එවැනි විවේචන සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය විමසීමේදී විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සිය අනන්‍යතාවය හෙළි නොකරන්නැයි ඉල්ලා සිටිමින් දීර්ඝ සටහනක් අප වෙත යොමු කළේය.

එම සටහනේ මෙසේ සඳහන් වේ.


ඉන්ධන සැපයුම්කරුවන් ශ්‍රි ලංකාව හා ගනුදෙනු කිරීමෙන් වැළකී සිටීමේ ඒකමතිකව එකඟතාවයක !

# ශ්‍රී ලංකාව සිය වර්තමාන ආර්ථික අස්ථාවරත්වය හා විදෙස් විනිමය සංචිත හිඟකම මත විදෙස් ණය හා වාරික ගෙවීම අත්හිටුවන විටත්, දිගුකාලීනව ඛනිජ තෙල් සැපයුම්කරුවන් ගෙන් ඒ වනවිටත් ශ්‍රී ලංකාව විසින් ලබාගෙන තිබූ ඉන්ධන වෙනුවෙන් පියවීමට තිබූ ඩොලර් මිලියන 750ක් වටිනා ගෙවීම් සඳහා මෙතෙක් කිසිදු මුදලක් ගෙවා නොමැත.

# එසේම ගෙවන දිනයක් කාලයක් පිළිබඳ නිශ්චිත සලකුණක් හෝ නොමැති වීම හේතුවෙන් සියලුම ලියාපදිංචි ඉන්ධන සැපයුම්කරුවන් ශ්‍රි ලංකාව හා ගනුදෙනු කිරීමෙන් වැළකී සිටීමට ඒකමතිකව එකඟතාවයකට පැමිණ ඇත.



මෙහි ප්‍රතිඵලයක් ලෙස CPC (ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් සමාගම) හට ලෝක වෙළෙඳපොළෙන් කිසිදු ඉන්ධන මිලදී ගැනීමක් සිදු කිරීම අතිශය දුෂ්කර මෙන්ම කළ නොහැකි කාර්යයක් බවට පත්විය.



ඒ නිසාවෙන්ම සපුගස්කන්ද පිරිපහදුව මාස ගාණක් සම්පූර්ණයෙන්ම වසා දමා සියළුම වර්ග වල ඉන්ධන නිෂ්පාදනය ඇණහිටින තත්තවයකට පත් වූ පසුබිමක සමස්ත ජනතාවට තම ඉන්ධන අවශ්‍යතා සපුරා ගන්නට තෙරක් නොපෙනෙන පෝළිම් වල කල් ගෙවීමට සිදු වූයේ කිසි දවසක අපේක්ෂා නොකළ ඉරණමකට මුහුණ දෙමිනි.

මේ තත්ත්වය මත දිනෙන් දින රටේ සංවර්ධනයට මෙන්ම ආර්ථිකයට විශාල බලපෑමක් කරමින් රටේ ඉන්ධන ගැටළුව ව්‍යාප්ත විය.

දින සති ගණන් පෝළිම් වල සිටීමට පොදු ජනතාවට සිදු විය. කර්මාන්තශාලා එකින් එක වැසෙන්නට විය.

wsdf


අලුත් සැපයුම්කරුවන් සෙවීමේ ක්‍රියාන්විතය:

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික හා දේශපාලන මෙන්ම සමාජයීය ව්‍යසනය හේතුවෙන් මෙරටට ඉන්ධන සැපයීමට කැමති සැපයුම්කරුවන් නොමැතිව සිටියදී, ඉන්ධන සැපයීමට නැවට ඉන්ධන පැටවීමට පෙර 100% අත්තිකාරම් ගෙවනලෙස කොන්දේසි දැමූ සැපයුම්කරුවන් කිහිප දෙනෙකු ගෙන් ලැබෙන කොමිස් මුදලට ගිජුව, මෙරට ඉන්ධන සැපයීමේ ක්ෂේත්‍රයේ සිටින දේශපාලන හා ආයතනික මට්ටමේ කිහිප දෙනෙකු සාවද්‍ය කරුණු දිනපතා ම ජනගත කරනු ලැබිය.

එසේම, නිසි ක්‍රමවේදයන්ට ඉන්ධන සැපයීමේ එකඟතාවයන්ට පැමිණි කොරල් එනර්ජි (Coral Energy )සමාගමට සැපයුම් ලබා ගැනීම අවහිර කිරීමටද කටයුතු කළේය.



එහිදී Coral Energy ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීමට අඩුම ලංසුකරු ලෙස ඉදිරිපත් වූ විට CPC විසින් OQ/Oman වෙත දිගුකාලීන පෙට්‍රල් සැපයීම ප්‍රදානය කළේය. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ Coral Energy ආයතනයේ සිංගප්පූරු කාර්යාලයට, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් නොදන්වා ගිය අවස්ථවෙදී එහි කාර්ය මණ්ඩලයක් නොසිටි බවයි.



කොරල් එනර්ජි CPC සහ ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ පසුබිම මෙයයි.

Coral Energy අවහිර කිරිමේ කූට ක්‍රියාවලිය මෙසේ දියත් වූ අතර කිහිප දෙනෙකුට ශ්‍රී ලංකාවේ විදේශ මුදල් සංචිත ගසා කෑමේ වුවමනාව මත ඉහළ මිලට එකඟ විය නොහැකි කොන්දේසි යටතේ ඉන්ධන සැපයීමට ක්‍රියා කරන සමාගම් වලට මෙරට දොරගුළු විවර කරන්නට විය.



ගම්මන්පිලගේ මැදිහත්වීම :

කෙසේවුවද, හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ගේ මැදිහත්වීම මත ඩුබායි තානාපති කාර්යාල කාර්ය මණ්ඩල නිලධාරීන් පිරිසක් ඩුබායි හි Coral Energy කාර්යාලයය පරීක්ෂා කිරීමට පිටත් කර යවා එහි නිර්දේශයට පසු මෙරට ලියාපදිංචිය සඳහා අවකාශ සැලසිණි.

'කොරල් එනර්ජි 'සමාගමට සැපයුම්කරුවෙකු ලෙස ලැයිස්තුගත කර ශ්‍රී ලංකා වෙළඳපොළට පිවිසීමට මග පෑදුණේ එලෙසිනි.

ගම්මන්පිල අමාත්‍යවරයා විසින් ගත් මෙම පියවර Coral Energy සමාගමට ශ්‍රී ලංකාවට පැමිණීම වැලැක්වීමට ඒ වන විටත් කොමිස් කුට්ටි වලට ලොල්ව ඉන්ධන මාෆියාවට අනුගතව සිටි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ පෙළේ ඇතැම් නිලධාරීන්ගේ උදහසට පාත්‍රවිය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත රටට අහිමි කරමින් 100% අත්තිකාරම් ගෙවා ඉන්ධන ගෙන්වීමට කටයුතු කළ CPC හි කාර්ය මණ්ඩලයේ ඇතැමුන් ද දූෂිත මාෆියාවද Coral Energy විසින් අන් කිසිදු සැපයුම්කරුවෙක් නොකළ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ඉන්ධන අවශ්‍යතාව සපුරාලීම සඳහා විශේෂ ණය පහසුකම් CPC වෙත අඛණ්ඩව ඉන්ධන සැපයීමෙන් දක්වන දායකත්වය කඩාකප්පල් කිරීමටත්, අධෛර්යමත් කිරීමටත් පදනම් විරහිත කථා සහ චෝදනා නිර්මාණය කරමින් සිටිති.


Coral Energy ?

Coral Energy යනු ජාත්‍යන්තර වශයෙන් වේගයෙන් වර්ධනය වන ගෝලීය ඉන්ධන සැපයුම්කරුවෙකි. Coral Energy සමාගම මේ වන විට ඉන්දියාවට රුසියානු බොරතෙල් සපයනු ලබන විශාලතම සැපයුම්කරු බවට පත්ව ඇති අතර එමෙන්ම පාකිස්තානයට ඉන්ධන සපයන විශාලතම සැපයුම්කරු බවට පත්ව ඇත. 

  
මෙම සමාගම විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ හා ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් සමාගමේ පූර්ණ අධීක්ෂණය හා අනුමැතිය යටතේ නියමිත ප්‍රමිති හා තත්ත්ව සහතිකයන් මෙන්ම සේවා සැපයීම් එකඟතාවයන් සහිතව සිය සේවාව සපයන ඩොලර් බිලියන 50 ක වත්කම් සහිත ජාත්‍යන්තර සමාගමකි.  

 
සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් ?

rw manyජනාධිපති සහ සුප්‍රීම් ග්ලෝබල් සභාපති මනිවන්නන්
 

Coral Energy හි දේශීය නියෝජිතයා වන්නේ ‘Eve Shipping (Pvt) Ltd’ සමාගමයි

එසේම, මෙම කලාපයේ Coral Energy සමාගම සඳහා මුල්‍ය උපදේශකයන් ලෙස කටයුතු කරනු ලබන්නේ 'සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස්' සමාගමයි. ආර්.එම්. මනිවන්නන් එම සමාගමේ සභාපතිවරයා වේ.

විවිධ පාර්ශවවලින් හා CPC සමාගමේ ඇතැම් නිලධාරීන් හා බලධාරීන් ගේ එල්ල වුණු බාධා කිරීම්, අසාධාරණකම් හා කෙණෙහිලිකම් නිසා ශ්‍රී ලංකාවෙන් පිටව යාමට තීන්දුකර සිටි Coral Energy සමාගමට යළිත් ශ්‍රී ලංකාව හා ගනුදෙනු කිරීමට ඇති හැකියාව පිළිබඳ තක්සේරුවක් ලබාදීමට මැදිහත් වුයේ 'සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස්' සමාගමයි.



පටු දේශපාලන වාසි වෙනුවෙන් විකෘති කිරීම් :

රාජපක්ෂවරුන් තිරුපති යැවීමට කටයුතු කළේ Coral Energy ශ්‍රී ලංකා නියෝජිතවරයා යැයි ඇතැමුන් පවසති.

 නමුත් කලකට පෙර මෙරට ප්‍රධාන මාධ්‍ය වාර්තාවලට අනුව ජෙට් යානය සංවිධානය කර ඇත්තේ උගන්ඩාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස ක්‍රියා කරන කනනාදන් නම් අයකු විසිනි.


ඉරාන්ලයිට් (Iran Light ), මර්බන් (Murban) හා Urals (ඌරල්) ඉන්ධන පැටලිල්ල:

ශ්‍රී ලංකාවට ආනයනය කරන ඕනෑම බොරතෙල් වර්ගයකට අනන්‍ය‍ය වූ සම්මත පිරිවිතර (Specs) ඇත. තවද මෙම පිරිවිතරයන් 'ස්ථිර' වන අතර වෙනස් කළ නොහැක.

එබැවින් එය මුර්බන්, යූරල්, සයිබීරියන් හෝ ඉරානියන් ලයිට් විය හැකිය.

සැපයුම්කරුවෙක් කරන්නේ පළමුවෙන්ම සිය සැපයුම වෙනුවෙන් පිරිවිතර සහ මිල ලබා ලබා දීමයි.

එසේ ලබා දී ඇති පිරිවිතර සහ මිල ගණන් පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට තීරණය කරන්නේ ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද TEC සහ SSCAP තාක්ෂණික, තක්සේරු හා නියාමන කමිටු වල නිර්දේශයන්ට අනුකූලවය.

එබැවින්, CPC විසින් Murban හෝ Urals හෝ Niegrian මිලදී ගත් පසු, කිසිවෙකුට බාන ලද දේ ගැන විකුණුම්කරුට දොස් පැවරිය නොහැක.


ඔබ ඉල්ලූ සහ ගෙවූ දේ ඔබට ලැබේ. එසේම මේ කිසිවකට ‘බාල තෙල්’ කීම විහිළුවක් වන්නේ ලංකාවට ‘බාල’ යනු වෙන් ඔවුන් විසින් චෝදනා කරන ඉන්ධන ඉන්දියාවට ‘සුපිරි’ වන බැවිනි. Urals යනු urals වන අතර murban යනු murban වේ. සැපයුම් වර්ගයන් දෙකක් පමණි , එකක් බාල හෝ කිසිවෙක් සුපිරි නොවේ.


ලංකාවේ පිරිපහදු විශේෂඥයන් මුලින්ම බොරතෙල් වර්ගීකරණය අනුව පවසා සිටියේ ඉරාන්ලයිට් (Iranian Light ) වඩා හොඳ බවයි. පසුව පවසා සිටියේ Murban බොරතෙල් පමණක් වඩා හොඳ බවයි.  

නමුත් දැන් ඔවුන් පවසන්නේ සයිබීරියන්ලයිට් හොඳ බවත් Urals අතිශයින් නරක බවත් ය.

sapu
නමුත් සපුගස්කන්දට සයිබීරියන් ලයිට් ගොඩබෑවේ ද Coral Energy බවත් එයත් ශ්‍රී ලංකා රුපියල් බාරගෙන සිදු කළ බවත් අවස්ථාවාදී දේශපාලනඥයින් නොපවසති. ඒ නිසා Coral Energy සමාගම Urals  බොරතෙල් පමණක් සැපයීමට උත්සාහ කිරීම කරන බවට චෝදනා නැගීම පදනම් විරහිත හුදෙක්ම පටු දේශපාලන වාසි තකා කරන සාවද්‍ය ප්‍රකාශයන් ය.

 
ඉන්දියාව දිනකට රුසියානු බොරතෙල් බැරල් මිලියනයක් මිල දී ගන්නා අතර එයින් 88% ක් Urals බොරතෙල් වේ.  

ලංකාවේ පිරිපහදු කළ නිෂ්පාදන (ඩීසල්, පෙට්‍රල්, සුපර් ඩීසල්, පෙට්‍රල් 95 සහ ජෙට් ඒ1 පවා) ඉන්දියාවෙන් (රිලයන්ස් පිරිපහදුව) ලබා ගන්නා අතර මේවා නිෂ්පාදනය කරනු ලබන්නේ ද Urals Crude බොරතෙල් භාවිතයෙනි.

එවැනි තත්වයක් තුල Urals බොරතෙල් හොඳ නැතැයි කීම  කිසිඳු ලෙසකින් පිළිගත නොහැකි කාරණයකි.

එය Urals, ESPO හෝ Siberian Light වේවා, Coral Energy විසින් මිල ගණනය කරනු ලබන්නේ Brent (බ්‍රෙන්ට් ) දර්ශකය මත පදනම්වයි.

 මන්ද ඔවුන්ගේ රක්ෂණ සහ ණය අවදානම Brent දර්ශකය වලට අනුව තම සමාගමට දැරීමට සිදුවිය හැකි ආවස්ථික අවදානමට එරෙහිව ආරක්ෂාකාරී අන්තර් ජාතික සම්මත ක්‍රමවේදයක් යටතේ එම urals බොරතෙල් මිලදී ගැනීම් සිදු කරයි.

සපුගස්කන්ද පිරිපහදුව Coral Energy ලබාදුන් සයිබීරියන් පිරිපහදු කරන විට බොහෝදෙනා සතුටු විය.  එවිට CPC විසින් Urals නැව් දෙකක් ඇණවුම් කරන ලද අතර Urals වෙත පිරිපහදුව දක්වන ප්‍රියතාව මඳ බව සත්‍යයකි.

 නමුත් පිරිපහදුව සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට හා වඩා හොඳ නිමැවුම් නිපදවීමට ප්‍රමාණවත් තරම් වෙනත් බොරතෙල් තිබුණේ නම්  එය වඩා හොඳ විය හැකිය.


නමුත් වසා තැබෙන පිරිපහදුවකට වන හානිය ගණනය කිරීමට එතරම් උනන්දුවක් දක්වන ඇතැම් විවේචකයින්, එය සක්‍රීයව තබා ගැනීමට ගත් උත්සාහයන් පිළිබඳව කිසිදු ප්‍රතිචාර දැක්වීමක් සිදු නොකරයි. කෙසේ වෙතත් නමුත් සයිබීරියන් පැමිණීමට පෙර මාස ගණනාවක් අපගේ පිරිපහදුව වසා තැබීමට සිදුවී තිබුණි.


එබැවින් පිරිපහදුවෙහි මිශ්‍ර කිරීමට ප්‍රමාණවත් විකල්ප බොරතෙල් නොතිබුණි. urals නැව් 02 න් පසු, Coral විසින් ESPO බොරතෙල් නැවක් ඇණවුම් කොට ඇත. මෙයත් ප්‍රමිතියෙන් සයිබීරියන් මෙන්ම සමාන පිරිවිතර වලින් යුක්තය.

CPC සමාගම විසින් මේ නැව නැව මූල්‍යමය ගනුදෙනු පියවා නිදහස් කරගෙන පිරිපහදුවට ලබාගෙන Urals සමගින් කලවම් කළා නම් මේ සියළු කතා සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇත.

 නැව පැමිණියත් තවමත් CPC සමාගම ESPO ගොඩබා නැත,  මන්ද ඔවුන් සතුව මෙම ESPO ගොඩබෑම සඳහා නැවට ගෙවීමට රුපියල් නැත. (මතක තබා ගන්න රුපියල්. ඩොලර් නොවේ) .


එමෙන්ම දෙවන Urals  නැව මග හැරිය හැකිව තිබූ බවට කරන ප්‍රකාශය හාස්‍යජනක බොළඳ ප්‍රකාශයකි.  ඕනෑම නැවක් ලබා ගැනීමට CPC දින 90කට පෙර ඇණවුම් කළ යුතුය. දෙසැම්බර් භාණ්ඩ සඳහා  ඔක්තෝම්බර් මාසයේදී ඇණවුම් කර නොවැම්බර් මාසයේදී පැටවිය යුතුය. නැව්ගත කිරීමට දින 45 ක් ගත වන අතර පසුව දෙසැම්බර් මාසයේදී නැව පැමිණේ.



ඉතින් CPC සමාගම විසින් පළමු Urals ඉන්ධන තොගය පිරිපහදු කිරීම ආරම්භ කරනවිට දෙවන Urals නැව ලංකාවට පැමිණ තිබීම සම්මත තත්ත්වයකි. දැන් දෙවන Urals ඉන්ධන තොගය පිරිපහදු කිරීම ආරම්භ කරනවිට ESPO එක ඇවිත්.

ඇණවුම් කිරීම සහ පිරිපහදු කිරීම ක්‍රියාත්මක වන ආකාරය මෙයයි.

ඇතැම් විවේචකයින් පවසන අකාරයෙන් ඉන්ධන පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය කිරීමට තෙල් සංස්ථාව කටයුතු කළහොත් දවස් 20කට සැරයක් තව දින 50කට පිරිපහදුව වසා දැමීමට සිදුවනු ඇත.


කිසිම ආකාරයකින් ප්‍රායෝගික නොවන තර්ක ඉදිරිපත් කරමින් කරුණු කාරණා හරි හැටි නොදැන අතර සියල්ල දන්නා සේ මවා පානා හුදු දේශපාලනමය කට මැත දෙඩවීම් හරහා සිදු වන්නේ ජනතාව කුපිතවීම හා මේ තරමින් හෝ ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදය විසඳන්නට දරණ උත්සාහය කිසිදු ඵල ප්‍රයෝජනයක් නැතිව අපතේ යෑම පමණකි.




Coral Energy විසින් ශ්‍රී ලංකාවට දුන් විශේෂ සහන:

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන මේ අසීරු අවස්ථාවේදී Coral Energy විශ්වාසනීය සැපයුම්කරුවෙකු ලෙස අප රටට ලබා දී ඇති සහයෝගය ප්‍රශස්තය. එමෙන්ම එම සමාගම ඉතාමත් විශ්වසනීය සැපයුම්කරුවෙක් බව මේ වන විටත් තහවුරු කොට ඇත.

එපමණක් නොව, ඇණවුමක් ලබා දුන් සෑම අවස්ථාවකම නිෂ්පාදන බාධාවකින් තොරව සැපයීම සහතික කිරීම සඳහා සමාගම CPC සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කර ඇත.  

සාමාන්‍යය ක්‍රමවේදය අනුව ඇණවුමක් පැටවීමට දින 10 කට පෙර CPC විසින් ණයවර ලිපි විවෘත කිරීම අනිවාර්ය වේ.

නමුත් ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදයට විසඳුම් රැගෙන පැමිණි Coral Energy ආයතනයට ඇතැම් අවස්ථාවන් හීදි ඉන්ධන නැව ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇතුළුව කොළඹ වරාය සීමාවේ පිටත සති ගණන් බලන් හිටියද CPC සමාගමට ණයවර ලිපි විවර කරගැනීමටවත් නැවට ගෙවීමට අවශ්‍ය ඩොලර් සොයා ගැනීමටත් හැකියාවක් නොවිය.

නමුත් එම සියළු දුෂ්කරතා මැදහත් සිතින් ඉවසූ Coral Energy සමාගම සිය විශ්වසනීයත්වය එළෙසින්ම පවත්වාගෙන යමින් සේවය සපයන්නට කරයුතු කළේය.


''එමෙන්ම ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට LKR ගෙවා තෙල් තොගයක් ගොඩබෑමට CPC ආයතනය සමත් විය.  Coral Energy සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කල ඉල්ලීමට සාධනීය ප්‍රතිචාරයක් ලබාදෙමින් වඩාත් නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් දින 30ක් ඇතුළත ඇමරිකානු ඩොලර් (USD ) බවට මාරු කිරීමේ එකඟතාව මත සිය පළමු බොරතෙල් තොගය ගොඩබෑම සඳහා ශ්‍රී ලංකා රුපියල් භාර ගැනීම ඓතිහාසික පියවරකි.''


(උපුටා ගැනීම අවසන්)



සබැඳි පුවත් :
 

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්