leader s

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට නිසි නිලධාරී මණ්ඩලයක් පත් නොකිරීම හේතු කොටගෙන සම්මේලනය තුළ අරාජිකත්වයක් ගොඩනැගී ඇති බවට
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියේය.


අද (5) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ දුෂණ, අක්‍රමිකතා සිදුවීම සහ එම තත්වය නොවිසඳී දිගු කාලයක් පැවතීම හේතුවෙන් පාපන්දු ක්‍රීඩා ක්ෂේත්‍රය තුල මතුවී ඇති ගැටලුකාරී තත්වය පිලිබඳ සභාවේ අවධානය යොමු කරමිනි.

අනුර කුමාර දිසානායක සභාව අමතමින් ප්‍රකාශකර සිටියේ,


පාපන්දු සම්මේලනය මුළුමනින්ම අකර්මණ්‍යයයි
 

"ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව එහි නිලධාරී මණ්ඩලය වාර්ෂිකව නිල වරණයක් පවත්වා තෝරාගත යුතුව තිබෙනවා. එසේ වුව ද මේ වනවිට නිල වරණයක් නොපවත්වා එහි කටයුතු පවත්වාගෙන යාම තුල සම්මේලනය තුල අරාජිකත්වයක් ගොඩනැඟී තිබෙනවා. 
 
මේ තත්වය තුල සම්මේලනය යථාවත් කිරීම වෙනුවෙන් කඩිනම් නිල වරණයක් පවත්වා සුදුසු නිලධාරී මණ්ඩලයක් පත්කරගැනීමේ අවස්ථාව ලබා දී තිබෙනවා. එසේ වුව ද ක්‍රීඩා අමාත්‍යතුමා විසින් පසුගිය සැප්තැම්බර් මාසය තුල දී එකිනෙකට පරස්පර අතිවිශේෂ ගැසට් නිවේදන තුනක් නිකුත් කර තිබෙනවා. 2022 සැප්තැම්බර් 8 වැනි දින ගැසට් නිවේදනය මගින් නිලවරණය පැවැත්විය යුතු දින මැයි 31ට පෙර නොව සැප්තැම්බර් 15 බව දක්වමින් කල්දමා තිබෙනවා. 
 
අනතුරුව 2022.9.17 නිකුත් කළ ගැසට් නිවේදනය මගින් නිල වරණය පැවැත්විය යුතු දින ඔක්තෝබර් 31ට බවට ප්‍රකාශයට පත් කළා. ඉන් අනතුරුව 2022.9.22 නිකුත් කළ ගැසට් නිවේදනය මගින් 2022 වර්ෂයට පමණක් අදාලව නිකුත් කර ඇති 2022.9.17 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කළා. 
 
දැන් වලංගු වන දිනය කතානායකතුමනි පසුගිය සැප්තැම්බර් මාසේ 15 වැනිදා. එසේ නම් සැප්තැම්බර් 15 වැනිදාට පෙර නිලවරණය පැවැත්විය යුතුව තිබුණා. දැන් නිලවරණය පවත්වා නැහැ. එහෙයින් මේ වනවිට පාපන්දු සම්මේලනය මුළුමනින්ම අකර්මණ්‍ය වී තිබෙනවා,"
 
 
 
 
අනුරගෙන් ඇමතිට ප්‍රශ්න 03ක් 
 

එසේම, පහත සඳහන් ප්‍රශ්නවලට ද පිළිතුරු ලබා දෙන ලෙස ජාතික ජන බලවේගයේ නායකයා ඉල්ලා සිටියා.
 

1) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයක් පවත්වා නව නිලධාරී මණ්ඩලයක් පත්කරගැනීමට අදාළ කාලරාමුව කවරේ ද ?

2) පාපන්දු සම්මේලනය තුල සිදුව ඇති බව පැවසෙන දුෂණ අක්‍රමිකතා පිලිබඳ නිල වරණය පැවැත්වීමට පෙර පරීක්ෂණ සිදු කොට අදාළ සාමාජික සංගම් වෙත දැනගැනීමට සලස්වන්නේ ද ?

3) නිසි පරිදි නිලවරණ පවත්වා නව නිලධාරී මණ්ඩලයක් පත්කරගන්න තෙක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අරාජිකත්වය වලක්වා ගැනීමට ගනු ලබන පියවර කවරේ ද ?
 
 
එම ප්‍රශ්න කිරීම් හමුවේ ඇතිවූ සංවාදය පහතින් ,



 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්