අප්‍රිකාවේ ගැම්බියා රාජ්‍යයේ ළමුන් පිරිසක් මියගියේ යැයි කියන සිද්ධියට අදාළ ඉන්දියානු ඖෂධ සමාගමේ

එම ඖෂධ නිෂ්පාදන මෙරටට ගෙන්වා නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල අවධාරණය කර සිටියි.

ඒ පිළිබඳව අවධානය යොමු කරමින් එම ඖෂධ වර්ග ඉදිරියේදීත් කිසිසේත් මෙරටට ගෙන්වීමක් සිදු නොකෙරෙන බවද අමාත්‍යවරයා පවසයි.

 ඇමතිවරයා එබව කියා සිටියේ, අද ( 06) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ය.

රටට ඖෂධ ගෙන්වීමේදී ඒ සඳහා වන නිසි නියාමන ආයතන පවතින බවත්, ඒ අනුව අදාළ ඖෂධ මෙරටට ගෙන්වා නොමැති බවත් අදාළ අංශයන්ගෙන් කළ සොයා බැලීමකදී තහවුරු වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙරට ඖෂධ ලියාපදිංචි කෙරෙන ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රට තුළට ඖෂධ ගෙන්වන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ඖෂධ බෙදාහැරීම් කෙරෙන ඖෂධ සැපයුම් අංශය යන අදාළ ආයතනයන්ගෙන් මේ පිළිබඳව සොයා බැලූ අතර එයට අමතරව පසුගිය වකවානුව තුළ මෙරටට ලැබුණු පරිත්‍යාග පිළිබඳව සොයා බැලීමේදීද එම ඖෂධ මෙරටට ගෙන්වා නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් තහවුරු කර ගෙන තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම ඖෂධ සම්බන්ධයෙන් අවදානම් නිවේදන නිකුත් කර ඇති අතර ශ්‍රී ලංකාව තවදුරටත් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ මේ පිළිබඳව කිසිදු සැකයක් ඇති කර නොගන්න ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.


සබැඳි පුවත් :

ඖෂධ පැණි 04ක් ගැන අනතුරු ඇඟවීමක් !

 

 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

Theleaderx2022

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්