leader s

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින්, කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනප්‍රිය ටෙලි සහ සිනමා නිළියකගෙන් ඉදිරියේදී ප්‍රශ්න කිරීමට

කටයුතු කරන බව රහස් පොලිසිය (CID ) කියයි.

ඒ, එම නිළිය කෝටිපතියන් කිහිප දෙනෙකු සමග පැවැත්වූ ලිංගික සංවාද කිහිපයක් රහස් පොලිසිය සතුව තිබීමයි.

මෙම මුදල් වංචාවට සම්බන්ධ කාන්තාව පවත්වාගෙන යන මූල්‍ය සමාගමට මුදල් ආයෝජන කළ කෝටිපති පුද්ගලයන් මුදල් ඉල්ලා සිටින අවස්ථාවලදී ඇය ඔවුනට මෙම නිළිය සම්බන්ධ කර දී ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පසුව ඇය එම කෝටිපතියන් සමග කරන ලිංගික සංවාද පටිගත කර ඇති අතර එම හඬපට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සැකකාර කාන්තාවට ලබාදීමෙන් පසු ඇය ඒවා අදාළ සංවාදයේ යෙදුණු කෝටිපතියන්ට පෙන්වා ඔවුන් බියකර ඇති බව ද හෙළි වී තිබේ.

මේ සංවාද පටිගත කිරීම වෙනුවෙන් සැකකාරියක වන මෙම චිත්‍රපට නිළියට එක්වරකට ලක්‍ෂ පහ බැගින් මුදලක් ද ගෙවා ඇති බව රහස් පොලිසියේ  නිලධාරියෙක් සඳහන් කරයි.

මෙම සංවාද පට මේ වනවිට රහස් පොලිසිය සතුව පවතී.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට එම නිළිය රහස් පොලිසියට කැඳවීමට කටයුතු කරන බව රහස් පොලිසිය කියයි.

මේ අතර, රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීවේ ඇය පමණක් නොව මෙයට ඈඳුණු තවත් ප්‍රසිද්ධ චිත්‍රපට නිළියන් දෙදෙනකුගේ සම්බන්ධකම් ද මේ වනවිට අනාවරණය වෙමින් පවතින බව ය.

රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ ගේ අධීක්‍ෂණය මත අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර ගේ මෙහෙයවීම මත විමර්ශන සිදු කෙරේ.



(mawbima.lk)

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්