leader s

කාන්තාවක විසින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය මූල්‍ය ආයතනයේ ප්‍රබල දේශපාලකයන් ද කෝටි ගණනක් ආයෝජනය කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 'බී' වාර්තාවක් මගින්

අධිකරණය වෙත දැනුම් දී ඇත.

හිටපු අමාත්‍යවරයකු හා ඔහුගේ බිරිඳ කෝටි 15 ක මුදලක් ද, හිටපු ආණ්ඩුකාරවරයකු කෝටි 10 ක් එම මූල්‍ය ආයතනයේ අයෝජනය කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

හිටපු ආණ්ඩුකාරවරයාගෙන් සිද්ධිය සම්බන්ධයෙන පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති අතර, හිටපු අමාත්‍යවරයාගෙන් මේ දක්වා පැමිණිල්ලක් ලැබී නොමැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මේ අතර දිවයිනේ ප්‍රසිද්ධි භික්ෂුන් වහන්සේ නමක් ද රුපියල් රුපියල් කෝටි 3 ක පමණ විටිනා සුභෝපභෝගි මෝටර් රථයක් ආයෝජනය සදහා මෙම සැකකාරියට ලබා දී ඇති බවත්, සැකකාරිය එම මොටර් රථය අලෙවි කර ඇතත් හිමිනමට මුදල් ලබා දී නොමැති බවද වාර්තා වේ.

කෝටි ගණනක් මුදල ආයෝජනය කර පුද්ගලයන්ට ප්‍රතිලාභ නොගෙවී නිසා පිරිස් එම කාන්තාවකගෙන් මුදල් ඉල්ලූ විට එම පුද්ගලයන් සමග ප්‍රසිද්ධ නිළියක් දුරකනයෙන් ලිංගික  කරුණු ඇතුළත් සංවාද පටිගත කර ඒවා මුදාහරින බවට  මුදල් ඉල්ලා එන අය බියවද්දවා තර්ජනය කර ඇති බවට වාර්තා වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

එම නිළිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි පැවසෙන 'බී' වාර්තාවක පිටපතක් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

B Report 2022.10.08

10 B report

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්