leader s

රටේ පවතින ආර්ථික සමාජ අර්බුදය තුළ පැන නැගි ජනතා නැගිටීම් මැඩ පැවැත්වීමට ආණ්ඩුව විසින් පෙරට ගෙන ඇති මර්දන ක්‍රියාමාර්ග වහා නතර කරන ලෙස බල කිරීමට ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය

තිරණය කර තිබේ.

විවිධ චක්‍රලේඛ අණ පනත් ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමේ මුලික අයිතියට බාධා පැමිණවීමට ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග නතර කර අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වහා තහවුරු කරන ලෙස බලධාරීන්ට  බල කර සිටීමට එම සන්ධානය තීරණය කර ඇත්තේ කොළඹදී පැවැති සමුළුවකදීය.

ගුරු විදුහල්පති අයිතීන් දිනවන නියෝජිත සමුළුව 2022 ඔක්තෝබර් 5 වැනි දින මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් පැවැත්වු අතර එහිදී යෝජනා හයක් සම්මත කරගැනිමට ඔවුන් කටයුතු කර තිබේ.

Guru 2022.10.11
2022 ලෝක ගුරු දින සැමරුමට සමගාමීව පැවැති සමුළුවේදී ඔවුන් වැඩි දුරටත් යෝජනා කරගෙන ඇත්තේ පවතින ආර්ථික  සමාජ අර්බුදය තුළ දරුවන්ගේ මන්දපෝෂණය ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් ඒ තත්වය තුළ දරුවන්ගේ පෝෂණය, ප්‍රවාහනය හා මුලික අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමට බලධාරීන්ට බල කිරීමටයි.

වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය තුළ ජීවන වියදම් හා ප්‍රවාහන වියදම් දැරිය නොහැකි තත්වයක පවතින බැවින් ගුරු- විදුහල්පති  වැටුප් විෂමතාව සම්පුර්ණයෙන් ඉවත් කරන තුරු ජීවන හා ප්‍රවාහන වියදම් සදහා ප්‍රමාණවත් දීමනාවක් ලබාදෙන ලෙස බලකිරීමටත් ඔවුන් යෝජනා සම්මත කරගෙන ඇත.

ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කර ගැනීමේ අරගලය හමුවේ පත් කළ ඇමැති අනුකමිටුව ගුරු, විදුහල්පති ගැටළු විසදීමට ඉදිරිපත් කළ යෝජනා වහා ක්‍රියාත්මක කරන ලෙසත් ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට සුබෝධනී වැටුප් කමිටුවෙන් යෝජනා කළ වැටුපේ ඉතිරි කොටස වහා ලබා දෙන ලෙස බලකිරීමටත් එහිදී යෝජනා සම්මත කරගත් බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සදහන් කරයි.

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්