පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.


ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව වසර දෙක හමාරකින් පසුව විසුරුවා හරින්නේදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ එම රැස්වීමේ දී කළ විමසුමකදී අදහස් දක්වමිනි.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (17)රැස්විය .

මේ අතර අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කර ඇත්තේ විසිදෙවැනි සංශෝධනයට පොදුජන පෙරමුණේ බහුතරයක් විරුද්ධ බවයි.

එබැවින් විසිදෙවැනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පොදුජන පෙරමුණේ සියලු දෙනාගේ සහාය නොලැබෙන බව ද ඔහු සඳහන් කර ඇත



අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සඳහන් කර ඇත්තේ විසිදෙවැනි සංශෝධනය කාලීන අවශ්‍යතාවක් බව ය. එය සම්මත කර ගැනීම සඳහා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර ඇත.



22 ගොඩදාන්න ගිය අලිසබ්‍රිට : වජිරගෙන් ගැලවිල්ලක් නැති වෙලා !


ආණ්ඩු පක්ෂ රැස්වීම 'ලීඩර් ගොසිප්' වාර්තා කර තිබුනේ මෙසේය.


 අන්න 21 නිසා ඊයෙත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම හොදටම රත් උණාලු.

''මේ සතියේ පාර්ලිමේන්තු නිල කාලසටහන අනුව, ලබන බ්‍රහස්පතින්දා තියෙන්නෙ 21 සංශෝධනය ඉදිරිපත් කිරීම. විජේදාස ඇමතිතුමා ඒ ගැන මොනවහරි පැහැදිලි කිරීමක් තියෙනවද?'' සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත අහලා.

''නෑ මට අද විශේෂයෙන් කියන්න දෙයක් නෑ. මම 21 ගැන පැහැදිලි කරල තියෙන්නෙ කීප සැරයක්ම'' ඇමති විජේදාස නෝක්කාඩුවට එහෙම කිව්ව විතරයි, චට පට ගාල වැඩේ පුපුරන්න පටන් අරන්..

 මුල්ම ප්‍රතිචාරය, සරත් වීරසේකරගෙන්. ''එතුමාට කියන්න දේවල් නැති උණාට, අපිට කියන්න දේවල් තියෙනවා. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි . මම 20 වෙනි සංශෝධනයට ජන්දෙ දුන්නා . මට බෑ ආයෙත්, 19 ය වගේ එකකට ජන්දෙ දෙන්න . ජනාධිපතිතුමනි, මම නම් ජන්දෙ දෙන්නෙ නෑ එච්චරයි.'' සරත් වීරසේකර කියල දාලා.

''දැන් ඕකෙ පාර්ලිමේන්තුව විසුරවීම අවුරුදු හතරාමාර කලා ද ?'' ඒ ප්‍රශ්නය අහල තියන්නේ ගම්පහ මිලාන් ජයතිලක .

''ඒක දැන් හතරාමාර කරන්න බෑ කියල නීතිපතිතුමා කිව්ව.''  විජේදාස රාජපක්ෂ එහෙම කිව්වම , ''එහෙනම් අපි මොකටද ජන්දෙ දෙන්නෙ'' කියල මධුර විතාන අහලා.

''තියෙන ව්‍යවස්ථා හොද නෑ කියල, අපි හැමෝම පිළිගන්නවනම් ඇයි මේ කෑලි කෑලි සංශෝධනය කරන්නෙ. අපි අලුත් ව්‍යවස්ථාවක් ගේමු..'' පොහොට්ටු පක්සේ මහ ලේකම් සාගර කාරියවසම් ඒ වෙලාවේ ගානට බොලේ උස්සල දීලා.

'' මේක ගේන්න පටන් ගත්තේ, මම නෙවෙයි, ගෝඨාභය ජනාධිපතිතුමා. ඒ යෝජනාව තමයි, පක්ෂ නායකයො අනුමත කරල ඉස්සරහට ගෙනිච්චෙ'' විජේදාස ඒ පාර වැඩේ ගෝඨාභයගෙ කරේ ගහලා.

 '' නෑ.. නෑ.. එතුමා කිව්වෙ අලුත් ව්‍යවස්ථාවක් ගේමු කියල. රොමේෂ් ද සිල්වා, මනොහර ඇතුලු කණ්ඩායමකට එතුමා අලුත් ව්‍යවස්ථා වැඩේ බාර කලා'' සාගර , විජේදාසට කතාව  මතක් කරලා. .

'' ගේන ගේන ඒවාට අත් උස්සන්න අපි ලෑස්තියි නෑ. '' ඒ පාර සද්දෙ දාලා තියෙන්නේ ,  අම්පාරේ වීරසිංහ .

 වැඩේ රුයිතෙට යනවා කියල තේරිච්ච ගමන්, විදේශ ඇමති අලි සබ්‍රි කතාව වෙන පැත්තකට හරවන්න හදලා. ''මේ සංශෝධනය ගේන්නම වෙනවා . නැත්නම් අපිට ජාත්ත්‍යන්තරය එක්ක මේ ගණුදෙනුව බේරගන්න බෑ..'' අලි සබ්රි ඒ විදියට  ජාත්‍යන්තර කාරණයක් ඇදගෙන.


''මම ජිනීවා යෝජනා ඔක්කොම කියෙව්වා  . ව්‍යවස්ථා වෙනසක් ගැන ඒකෙ යෝජනා කරල තිබුණේ නෑනෙ...'' ඔන්න ඒ පාර වජිර අබේවර්ධන , අලි සබ්‍රිගෙන් අහලා.

''නෑ  නෑ ජිනීවා නෙවෙයි  IMF ගැන මම කිව්වෙ'' අලි සබ්‍රිගෙ ඒ උත්තරය වජිර බාරගෙන නෑ.

වජිර ආයෙත් මෙහෙම අහලා. ''IMF යෝජනා සහ නිර්දේශත් මම ඔක්කොම බැලුව .ඒකෙත් ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කියල තිබ්බෙ නෑනෙ.''

ඒ පාරනම් සබ්රි පොඩ්ඩක් හිර වෙලා.

''නෑ නෑ ලියල නෑ. ඒ උණාට ඉතින් ඉල්ලනවා..'' සබ්රි යාප්පුවෙන් වගේ කියලා ....

''සර්,, පාර්ලිමේන්තු වේලපහ විසුරුවන්නෙ නෑ කියල.. හරියටම කියන්න පුළුවන් ද ? '' ඔන්න මහින්දානන්ද ,මන්ත්‍රී වරුන්ට තියන ප්‍රශ්නේ ජනාධිපති රනිල් ගෙන් කෙලින්ම අහලා.

'' මම මෙහෙම කියන්න ද ? බලන්න එතකොට තේරෙයිද කියල . පාර්ලිමේන්තුව විසුරුවන්න කියල  ඔයා බුලත් අතක් අරන් ඇවිත් වැදල කිව්වත් මම විසුරුවන්නෙ නෑ.'' ජනාධිපති රනිල් කියලා. ප්‍රශ්නවලින් තුනෙන් එකක් එකෙන් ඉවරයි..

ඒත් ඉතිං , හෙට මොනවා වෙයිද කියල අද කියන්න බැරි සයිස් එකක් තියන්නේ..!



22 ගොඩදාන්න ගිය අලි සබ්‍රි ඇනගනී! | Gossip | The Leader TV

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්