'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ තවමත් එක්සත් ජනපද පුරවැසියෙකු ලෙස ප්‍රකාශයට පත් කරන ‌ලෙස සහ එක්සත් ජනපදයේ පුරවැසි ක්‍රියාවලිය අත්හැරීම සම්පූර්ණ කර ඇති බව පවසමින්

ශ්‍රී ලංකා පුරවැසියන් මුලා කිරීම නැවැත්වීමේ නියෝගයක් නිකුත් කරන ‌ලෙසත් ඉල්ලා ඇමරිකාවේ නිව් ජර්සි හි පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන අනුර රූපසිංහ නමැත්තකු නිව්යොර්ක් හි දකුණු දිස්ත්‍රික් අධිකරණයේ ඊ‌යේ (08) නඩුවක් පවරා තිබේ. 

මෙම නඩුව මගින් ගෝඨාබය රාජපක්ෂ, ඇමරිකානු රාජ්‍ය ‌ලේකම් මයිකල් ආර්. ‌පොම්පි‌යෝ සහ ඇමරිකානු රාජ්‍ය ‌දෙපාර්තමේන්තුව වග උත්තර කරුවන් ‌ලෙස නම් කර තිබේ.

තොරතුරු සඟවලා අඳුරු වලාකුළකින් වහලා..

විත්තිකාර ගෝඨාබය, රාජ්‍ය ලේකම් සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ දක්වා ‌‌ගෝඨාබයගේ පුරවැසිභාවය ඉවත් කර ගැනීම පිළිබඳ තොරතුරු සඟවා ඇති බවත් එය අඳුරු වලාකුළකින් වසා දමා ඇති බවත් ‌පෙත්සම්කරු ‌චෝදනා කර සිටී. 

පෙත්සම්කරුගේ ප්‍රධාන තර්ක කිහිපයකි. 

ඉන් ප්‍රධාන වන්නේ ‌ගෝඨාබයගේ පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අයැදුම් කිරීම ඇමරිකානු නීතිය යටතේ ස්වේච්ඡාවෙන් සිදුකරන ලද්දක් ‌නොවන බවයි. 

එමෙන්ම මීට ‌පෙර ‌ගෝඨාබයට එරෙහිව අහිම්සාගේ ‌පෙත්සම අරභයා කැලිෆෝනියා දිසා අධිකරණය විසින් දුන් තීන්දුව අනුව ‌ගෝඨාබයගේ පුරවැසිභාවය විවාද සම්පන්න එකක් ‌ලෙස දැනටමත් තීන්දුවක් දී තිබීමයි. 

ගෝඨාබය ස්වේච්ඡාවෙන් අත්සන් ‌කෙළේ නෑ.. ‌

ඇමරිකානු පුරවැසිභාවයක් ඉවත් කර ගැනීමේ දී එය බලපෑමකින් ‌තොරව ස්වේච්ඡාවෙන් කළ යුත්තක් ‌නොවුන ‌හොත් පුරවැසිභාවය ඉවත් කරගත ‌නොහැකි බවට වූ ඇමරිකානු ‌ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් පිලිබඳ ලංකා ඊ නිව්ස් 2018 වසරේ සැප් 13 දා වාර්තා ‌කෙළේය. 

ඇමරිකානු පුරවැසි භාවය ලැබූ ‘ඇල්බර්ටෝ ලොසාඩා කොලොන්’ නමැති නීතිඥයාට පසුකලෙක පයේටෝ රිකෝ රටේ ‘මයාගුඒස්’ නගරයේ නගරාධිපති ඡන්දයට ඉදිරිපත් වීමට සිත්වී පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ‌ගොස් එය අහිමිවූයේ ‌පෙර කී ‌හේතුව මතය. 

ඒ පිළිබඳව ඇමරිකානු ‌ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුව ''ගෝඨාභයගේ ජනාධිපති සිහිනය බිඳ වැටේ..! ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙන්න..!!''යන ශීර්ෂයෙන් යුතුව 'ලංකා ඊ නිව්ස් වාර්තා කළේය. 


අභිප්‍රාය සම්පූර්ණ නෑ; තවමත් ඇමරිකන්...


අනුර රූපසිංහ ඊයේ (08) නිව්යෝර්ක් දිසා අධිකරණයේ නඩු පවරමින් පවසන්නේ එකී නීතිමය තර්කයම ය. තම ‌පෙත්සම මගින් අනුර රූපසිංහ වැඩිදුරටත් ‌මෙසේ පවසයි. 

විත්තිකරු ගෝඨාබය රාජපක්ෂ පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඩීඑස් 4080, 4081 සහ 4083 ආකෘති පත්‍රවලට ස්වේච්ඡාවෙන් අත්සන් නොකළේය. ඔහුගේ සහෝදරයා වන මහින්ද රාජපක්ෂ මහතා 2019 ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා පුරවැසිභාවය අත්හැරීමට විත්තිකරුට අනවශ්‍ය ලෙස බලපෑම් කළේය.

පුරවැසිභාවය ප්‍රතික්ෂේප කළැයි කියන අවස්ථාවේ විත්තිකරු ගෝඨාබය සිය එක්සත් ජනපද විදේශ ගමන් බලපත්‍රය ඩීඑස් 4083 ආකෘති පත්‍රය කොළඹ එක්සත් ජනපද කොන්සල් කාර්යාලයට භාර දී නැත. එබැවින් එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැරීමේ ඔහුගේ අභිප්‍රාය සම්පූර්ණ වී නැත. එබැවින් ඔහු තවමත් එක්සත් ජනපද පුරවැසියෙකි.

ආදායම් බදු වාර්තාව දේශීය ආදායම් සේවයට ගොනු කර නැහැ :

ඔහු 2019 වර්ෂය සඳහා ආදායම් බදු වාර්තාවක් දේශීය ආදායම් සේවයට ගොනු කර නොමැති අතර, එබැවින් එක්සත් ජනපද රජයට ඉටු කළ යුතු නීතිය යටතේ අනාගත බැඳීම් සහ වගවීම් ඔහු සතුව ඇත. එම නිසා, ඔහු පුරවැසිභාවය අත්හැරීමේ අභිප්‍රාය සම්පූර්ණ වී නැත. එබැවින් ඔහු තවමත් එක්සත් ජනපද පුරවැසියෙකි.

ඔහුගේ නම යටතේ එක්සත් ජනපදය සමඟ බැංකු ගිණුම්, ව්‍යාපාරික ‌කොටස්, මෝටර් වාහන, පුද්ගලික දේපළ, බලපත්‍ර සහ වෙනත් මූල්‍ය ගනුදෙනු ඇත. ඒ නිසා  එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැරීමේ ඔහුගේ අභිප්‍රාය සම්පූර්ණ වී නැත. එබැවින් ඔහු තවමත් එක්සත් ජනපද පුරවැසියෙකි.


කැලි‌ෆෝනියා අධිකරණයේ තීන්දුව අනුවත් පුරවැසිභාවය විවාද සම්පන්නයි..


බටහිර කැලි‌ෆෝනියා දිසා අධිකරණයේ අහිම්සා වික්‍රමතුංග විසින් පැවරූ නඩුවේ තීන්දුව ‌දෙමින් ඒ විනිසුරුවරයා ‌මෙසේ සඳහන් කර ඇත.  “..... විත්තිකරු එක්සත් ජනපද පුරවැසියෙකු වූ අතර ඔහුගේ පුරවැසිභාවය පිළිබඳ වර්තමාන තත්ත්වය විවාදාත්මක ය”. 

එකී තීන්දුව අනුව පුරවැසිභාවය අත්හැරීමේ ඔහුගේ අභිප්‍රාය අධිකරණය විසින් විවාදාත්මක බව පිළිගෙන තිබේ. 

බටහිර කැලිෆෝනියාවේ දිස්ත්‍රික් අධිකරණය කියා සිටියේ විත්තිකරු ගෝඨාබය එක්සත් ජනපද පුරවැසියෙකු බවත් ඔහුගේ පුරවැසිභාවය පිළිබඳ වර්තමාන තත්ත්වය මතභේදයට ලක්ව ඇති බවත්ය. එබැවින් විත්තිකරු එක්සත් ජනපද පුරවැසියෙකු බව මෙම අධිකරණය විසින් ද පිළිගත යුතුය.

ශ්‍රී ලංකා ජාතිය විශාල වශයෙන් රැවටීමකි..

එක්සත් ජනපදයේ පුරවැසිභාවය යනු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයේදී තරඟ කිරීම සඳහා නුසුදුස්සෙකි. විත්තිකරු 2003 සිට එක්සත් ජනපද පුරවැසියෙකි. විත්තිකරු වසර 15 ක් තිස්සේ ඇමරිකානු ජාතියට අයත් වන අතර මේ රටට බදු ගෙවීය. 

ජනාධිපතිවරණයේදී විත්තිකරුගේ තරඟය ශ්‍රී ලංකා ජාතිය විශාල වශයෙන් රැවටීමකි. එබැවින්, විත්තිකරුගේ ක්‍රියාවෙන් ශ්‍රී ලංකා පුරවැසියන් බේරා ගැනීමට මෙම අධිකරණය ක්‍රියා කළ යුතු අතර තීන්දුවක් ලබා දිය යුතුය.

පෙත්සම්කාර අනුර රුපසිංහ මහතා වැඩි දුරටත් සිය ‌පෙත්සම මගින් කියා සිටී. 

ගෝඨාබය  දිනුවත් වැඩක් ‌නොවනු ඇත!

මේ අනුව ‌මෙම නඩුව විභාගයට ගැණෙනු ඇති අතර තීන්දුවක් ද ලබා ‌දෙනු ඇත. එමගින් ‌බොහෝ විට ලබා ‌දෙනු ඇත්තේ කැලිෆෝනියා දිසා අධිකරණයෙන් දුන් තීන්දුවටම එකඟ තීන්දුවක් වනු නියත ය. 

ඒ අනුව ‌ගෝඨාබය තවමත් ඇමරිකානු පුරවැසියෙක් බව ස්ථිර වුවහොත් ලබන 16 ‌වෙනිදා ඡන්දයෙන් ‌‌ගෝඨාබය  දිනුවත් වැඩක් ‌නොවනු ඇත. 

මන්ද යත් අනිවාර්යයෙන්ම ඔහුගේ පත්වීමට එරෙහි ඡන්ද ‌පෙත්සමකින් වැඩි දුර නඩු ‌නොවිමසාම ගීතා කුමාරසිංහට ‌මෙන් ඔහු‌ගේ පත්වීම ද අවලංගු වන බැවිනි. 

අනුර රූපසිංහ නිව්යෝර්ක් දිසා අධිකරණයේ පැවරූ නඩු‌වේ පිටපතක් ‌මෙතැන ක්ලික් කිරීමෙන්කියවන්න



(ලංකා ඊ නිව්ස්)
 
වීඩියෝ 

Gota must prove he renounced his citizenship: Mangala 

ගෝඨාබය රාජපක්ෂට රාජ්‍යද්‍රෝහී චෝදනාවක්!
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්