leader s

ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ට අඩු මුදලකට උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව හා ඊට අදාල රැකියා අවස්ථා සැලසී ඇතැයි Jeewa Education ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ කෝලිත ප්‍රනාන්දු පවසයි.


කෙසේවුවද මෙරට වත්මන් විදෙස් විනිමය අර්බූදය සඳහා ස්ථිරසාර විසදුම් ලෙස ශ්‍රී ලංකාව අන්තර්ජාතික අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් ලෙස දියුණු කලයුතු යයි ඔහු රජයට යෝජනා කර සිටියි.

#StudySrilanka සංවිධානයේ ප්‍රධානියකු වන කෝලිත ප්‍රනාන්දු පවසන්නේ, ලංකාවට විදෙස් විනිමය අර්බුදයෙන් ස්ථිරසාර ලෙස ගැලවීමට හැකි එකම ක්‍රමය
ලංකාව අන්තර්ජාතික අධ්‍යාපන කේන්ද්‍රයක් කිරීම සඳහා ප්‍රතිපත්ති සකස්කිරීම බවයි.

ආසියාවේ ශිෂ්‍යයන් ඉලක්ක කර ගත් ශාඛා විශ්ව විද්‍යාල ලංකාවේ පිහිටුවන්නට යැයි ලෝකයේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල වලට, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස සිටියදී ආරාධනා කර තිබිණ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රයක් ලෙස දියුණු කල යුතු බවත්, එසේ කිරීමට අවශ්‍ය භූගෝලීය සහ සමාජයීය සාධක රැසක් තිබෙන නමුත් ඒ කාර්යය ඉටු කර ගැනීමට මෙවැනි ආරාධනා පමණක් ප්‍රමාණවත් නොමැති බවත්, ඒ සදහා රාජ්‍ය ප්‍රතිපත්ති සැලසුම්කරණයේදි විවිධ පාර්ශ්වකරුවන් සහභාගි වෙන කමිටුවක් හරහා අවශ්‍ය ක්‍රියාමාර්ග සහ මාර්ග සිතියම් සකස් කල යුතු බවත් කෝලිත ප්‍රනාන්දු මිට ඉහතදී ප්‍රකාශකර තිබිණ.

රංගන ශිල්පී ජනක කුඹුකගේ සමග Lines and Beyond විද්‍යුත් නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ජාවකදී ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ, ''ලංකාව ආසියාවේ ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රය කරමු'' කියාය. නුතන වෙළඳපොළට ගෝලීය පුරවැසියකු බිහිකිරීමේ වැදගත්කම ඔහු මෙම සාකච්ජාවේදී අවධාරණය කරයි.


සබැඳි පුවත් :
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රයක් කරමු ! - (කෝලිත ප්‍රනාන්දු)
 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්