leader s

කම්කරු නීති හිතුමතේ සංශෝධනය කරමින් හාම්පුතුන්ට වාසි සලසන ආණ්ඩුව සමිති නොතකා හරින බවට කම්කරු නායකයන්ගෙන් චෝදනා එල්ල වී තිබේ.


''කම්කරු ඇමතිවරයා වෘත්තීය සමිති නියෝජිතයන්ව ගණන් ගන්නේ නැහැ. අපිත් එක්ක කතා කරන්න සුදානම් නැහැ. වෘත්තීය සමිති සම්බන්ධයෙන් මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තමයි කම්කරු ඇමැතිගෙන් පෙන්නුම් කරන්නේ,'' යැයි නිදහස් වෙළඳ කළාප හා පොදු සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාක්ස් පවසයි.

ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන සමිති විසින් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ සිකුරාදා (21) රැස්වීමක් කැඳවා තිබුනේ වෘත්තීය සමිති බැහැර කෙරෙන ආණ්ඩුවේ පිළිවෙත හෙළාදකිමින්.

කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 21000ක් දක්වා වැඩි කිරීමට ඉල්ලා ඇතත් ඒ ගැන කම්කරු අමාත්‍යංශය මුනිවත රකින බවට, ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන නිදහස් වෙළඳ කළාප කම්කරු නායක ඇන්ටන් මාක්ස් චෝදනා කරයි.



''කාන්තා කම්කරුවන් රාත්‍රී වැඩ මුර වල යෙදවීම, සේවය අවසන් කිරීමේ පනතට වෙනස් කම් එකතු කිරීම කරලා තියෙන්නේ ආණ්ඩුවේ ඇමැතිගේ තනි මතේට හාම්පුතුන්ට වාසිසහගත වෙන විදිහට.''



ලංකා කම්කරු සම්මේලනය, නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමය, ලංකා වෙළඳ,කාර්මික හා පොදු කම්කරු සංගමය [සී.එම්.යු.], නිදහස් සේවක සංගමය, එක්සත් කම්කරු සම්මේලනය ඇතුළු වෘත්තීය සමිති රැසක් ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරයි.

කම්කරු ඇමැති මනුෂ නානයක්කාර හමුවීමට පසුගිය දා අමාත්‍යංශයට වෘත්තීය සමිති නායකයන්ව නොසලකා හරිමින් ඔවුන් සමග සාකච්ජා කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

''අපිත් එක්ක කතා කරන්න කියලා එයාගේ ලේකම් කෙනෙක් එවනවා. වෘත්තීය සමිති නායකයන් මායිම් නොකරපු එක ගැන අපි අරගල කරන්න ඕනෑ. ජේ.ආර් ගේ කාලේ මාව රැකියාවෙන් දොට්ට දැම්මා. ඒත් අපි වැටුනේ නැහැ. දිගටම සටන් කළා,'' `යැයි  නිදහස් සේවක සංගමයේ ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර පවසයි.

වෘත්තීය සමිති නායකයන් කම්කරුවන්ගේ නියෝජිතයන් ලෙස පෙනී සිටින බැවින් ඔවුන් ප්‍රතිෂේප කිරීම සමස්ත කම්කරු පන්තියටම එල්ල කළ ප්‍රහාරයක් බව  ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමයේ නියෝජ්‍ය ලේකම් සෙල්ලයියා පලනිනාදන් පෙන්වා දෙයි.

''කම්කරු පන්තියේ කේවල් කිරීමේ ශක්තිය වැඩි කරගන්න ඕනෑ. මෙවැනි අත්තනෝමතිකව වැඩ කරන ඇමතිවරුන්ට එරෙහිව කම්කරු අමාත්‍යංශ වට කරලා උද්ඝෝෂණය කරන්න ඕනෑ.''

Labor Laws 2022.10.24

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්