ඇමරිකානු භාණ්ඩාගාර ‌දෙපාර්තමේන්තුවේ ‌දේශීය ආදායම් බදු ‌සේවාව විසින් නිකුත් කරනු ලබන එරට පුරවැසිභාවය ඉවත් කර ගත් අයගේ අලුත්ම නාම ලැයිස්තුව, එනම් 2019 ‌නොවැම්බර් මස නාම ලැයිස්තුව ‌දැන් නිකුත් වී තිබේ. 

එම නම් ලැයිස්තුවෙන් කියැවෙන්නේ පුරවැසිභාවය ඉවත් කර ගත් එම ලේඛනයේ සඳහන් අය තවදුරටත් ඇමරිකාවට ආදායම් බදු ‌නොගෙවන අය වන බවයි.  

එකී නාම ලැයිස්තුවේ ද නන්දසේන ‌ගෝඨාබය රාජපක්ෂ ‌ගේ නම සඳහන්ව නැත. එනම් ‌ගෝඨාබය තවමත් ඇමරිකාවට ආදායම් බදු ‌ගෙවන ඇමරිකානු පුරවැසියෙකි. ඔහුගේ පුරවැසිභාවය ඉවත් කර ගත්තේ නම් ‌මෙකී නම් ලැයිස්තුවේ නම ප්‍රකාශ විය යුතුමය. පුරවැසිභාවය ඉවත් වීම නීත්‍යාණුකූල වන්නේ එවිට ය. 

 පුරවැසිභාවය ඉවත්කර ගත් සියලූ පුද්ගලයින් පිලිබඳ ලැයිස්තුවක් තෙමසකට වරක් ප්‍රකාශයට පත්කිරීමට ඇමෙරිකානු රජය කටයුතු කළ යුතු වන්නේ යැයි ඇමෙරිකානු නීතියෙහි සදහන් වේ. මෙයින් අදහස් වන්නේ වසරකට සිව්වරක් එවැනි ලැයිස්තුවක් ප්‍රකාශයට පත්කෙරෙන බවය. එය පළ වන්නේ ඔවුන්ගේ ෆෙඩරල් නාමලේඛනයේය (අපගේ ගැසට් පත්‍රයට සමාන ප්‍රකාශනයකි).


පරිපාලනමය කටයුතුවල කිසියම් ප්‍රමාදයක්!


සිය පුරවැසිභාවය ඉවත්කර ගැනීම සදහා ඔහු අප්‍රේල් 17 වැනිදා අයැදුම් කළ බවත්, මැයි 03 වැනිදා එය සහතිකකර ගත් බවත් ගෝඨාබය රාජපක්ෂ පවසයි.

 එයින් අදහස් වන්නේ ඔහු දෙවැනි කාර්තුවේදී සිය පුරවැසිභාවය ඉවත්කර ගත් බවය. එසේනම්, අගෝස්තු මාසයේදී පළවූ දෙවැනි කාර්තුව සදහා අදාළ ලැයිස්තුවට ඔහුගේ නම ඇතුළත්ව තිබිය යුතු බවය. එහෙත් ගෝඨාබයගේ නම ඒ ලැයිස්තුවට ඇතුළත්ව තිබුණේ නැත.

ඒ අවස්ථාවේදී ගෝඨාබය සහ ඔහුගේ සහචරයින් පැවසුවේ ඒ සම්බන්ධ පරිපාලනමය කටයුතුවල කිසියම් ප්‍රමාදයක් ඇති බව සහ 3 වැනි කාර්තුවට අදාළ වන ඊළග ලැයිස්තුවට ඔහුගේ නම නියත වශයෙන්ම ඇතුළත් වනු ඇති බවය. 

ඒ ලැයිස්තුව දැන් මේ සබැදියෙන් ලබාගත හැකිය: https://www.govinfo.gov/content/pkg/FR-2019-11-12/pdf/2019-24474.pdf

ඒ අනුව, පුරවැසිභාවය ඉවත්කර ගත් පුද්ගලයින්ගේ නම් ඇතුළත් මේ අලූත් ලැයිස්තුවටද ගෝඨබයගේ නම මේ ඇතුළත්ව නැත.


ගෝඨාබය තවමත් ඇමෙරිකානු පුරවැසියෙකි !


ඇමෙරිකානු රජයේ වාර්තාවලින්ම දැක්වෙන පරිදි ගෝඨාබය රාජපක්ෂ තවමත් ඇමෙරිකානු පුරවැසියෙකි. 

සිය පුරවැසිභාවය ඉවත්කරගෙන ඇති බව පැවසීමට ඔහුට ඇති එකම සාක්ෂිය වන්නේ ඔහු විසින් සමාජ මාධ්‍ය ජාලවලට මුදාහරිනු ලැබ ඇති ඊනියා සහතිකයක් පමණි. එය ඇමෙරිකානු රජය විසින් සහතික කරනු ලැබ නැත.

සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමෙන් පසු ඔහු සාමාන්‍ය පරිදි ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය සදහා අයැදුම්කර තිබුණේ නම්, ඔහු තවදුරටත් ඇමෙරිකානු පුරවැසියකු නොවන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂාකර සහතිකකළ යුතුව තිබිණි. එහෙත් ඔහු සිතා මතාම එය මගහැරියේය.

මේ සාමාන්‍ය ක්‍රියාවලිය සිතාමතාම මගහැර යමින් ඒ වෙනුවට ඔහු කළේ ආගමන විගමන නිලධාරීන් විසින් ඔහුගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම පිළිබද ඊනියා සහතිකය පිළිබ`දව කිසිදු පරීක්ෂාවක් නොකර තිබියදීත් ඔහු එරට පුරවැසියකු නොවේ යැයි කියමින් අලූත් ශ්‍රී ලාංකික ගුවන්ගමන් බලපත්‍රයක් ලබාගැනීමය. 

ගෝඨබය රාජපක්ෂ තවදුරටත් ඇමෙරිකානු පුරවැසියකු නොවන බව ලංකාවේ කිසිදු රජයේ නියෝජිත ආයතනයක් විසින් ඇමෙරිකාවේ රජය සමග පරීක්ෂාකර සහතික කරනු ලැබ නැත.

ඇමරිකානු පුරවැසියෙක් ‌නොවැම්බර් 16 ‌වෙනිදා ලංකාවේ ජනාධිපති ඡන්දය ඉල්ලන්නේ කවර නම් නීතියකට යටත්ව ද? එවැනි නීතියක් ලංකාවේ නැත. ‌මේ අනුව 16 ‌වෙනිදා ඔහු ලංකාවේ ජනාධිපති වුවද ඔහුගේ ධූරය ඉතා කුඩා නඩුවකින් අවලංගු වීම නියත ය. 

එබැවින් ලංකාවේ පුරවැසියන් 16 දා ‌ගෝඨාබයට ‌දෙන ඡන්දය නියත වශයෙන්ම අපතේ යෑමකි. 


නාමල් කියන කතාව :

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ගෝඨාබය රාජපක්ෂගේ ඇමරිකානු ගුවන් ගමන් බලපත්‍රය අවලංගු වී ඇතැයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ජායාරුපයක් පළකර ඇත.

Namal 10.11

නාමල්ගේ පොස්ටුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ මත පලවී ඇති අතර ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන නුවන් නිරෝධ ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ මෙසේය.

''මෙ නාමල් රාජපක්ෂ දාල තියෙන ගෝටාභයගෙ පාස්පොර්ට් එක CANCEL උනා කියන එක

ලොකේ අනික් රටවල් නම් අතීතකාලෙන් CANCELLED දාන්නේ ගෝටා සර්ගෙ එක විතරක් CANCEL වෙන්න විශේශ හේතුවක් තියෙනවද ?''

''ඒ එඩිට් එකෙත් නාලා cancel නෙවෙයි නාමල් කොලොවෝ canceled'' තවත් පොස්ටුවක සඳහන් වේ.


සබැඳි පුවත් :
දිනුවත් වැඩක් නැහැ! -ගෝඨාබය තවම ඇමරිකානුවෙක්..! ඇමරිකාවේ නඩු පවරයි..! නඩු පිටපත ‌මෙන්න..!!! (VIDEO)

වීඩියෝ 
Gota must prove he renounced his citizenship: Mangala 



ගෝඨාබය රාජපක්ෂට රාජ්‍යද්‍රෝහී චෝදනාවක්!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්