කල් පවත්නා ශ්‍රී ලාංකික තරුණ ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා ඉන්දියාවේ අන්ත හින්දුවාදී සංවිධානයක්  අනුගමනය කිරීමේ අපේක්ෂාව විපක්ෂ සංවිධානයක් වෙතින් පලවී තිබේ.

මහත්මා ගාන්ධි ඝාතනය කළ නතුරම් විනායක් ගොඩ්සේ සාමාජිකත්වය දැරූ කුප්‍රකට RSS හෙවත් රාෂ්ට්‍රීය ස්වයං සේවක් සංවිධානය ගුරු කොට ගැනීමේ බලාපොරොත්තුව ඉන්දීය මාධ්‍ය ආයතනයකට හෙළි කොට ඇත්තේ සමඟි තරුණ බලවේගයේ හිටපු ප්‍රචාරක ලේකම් වූ වර්තමාන ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ කැඳවුම්කරුයි.


"කල්පවත්නා සංවිධානයක් වීමේ අපේක්ෂාව සහිත ඕනෑම තරුණ මුල පිරීමකට RSS ගොඩනගා පරිපාලනය කරන ආකාරය විසින් අගනා පාඩම් සපයයි," යනුවෙන් රසික ජයකොඩි දිල්ලියෙන් පලකෙරෙන 'ද ප්‍රින්ට්' ආයතනයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී රෙජිනා මිහිඳුකුලසුරියට පවසා තිබේ. එම ප්‍රකාශනය පලකරන ප්‍රින්ට්ලයින් මීඩියා සමාගම නව බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්ගේ මාමණ්ඩිය ඇතුළු ඉන්දීය කෝටිපතියන් සමුහයකගේ ආයෝජනයකි.


ගෝඨාභය රාජපක්ෂගේ හිටපු ප්‍රකාශකයකු මෙන්ම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වර්තමාන අතිරේක අධ්‍යක්ෂ ජනරාල්ද වන මිලින්ද රාජපක්ෂද නායකත්වයේ තබාගෙන පිහිටුවාගෙන ඇති NextGenSL නම් රාජ්‍ය නොවන සංවිධානය සඳහා RSS ක්‍රමවේදය අනුගමනය කිරීම රසික ජයකොඩිගේ අරමුණයි. දැනට වැඩමුළු සහ මාධ්‍ය සාකච්ඡා ආදිය පවත්වමින් සිටින තම සංවිධානය "ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියට බලපෑමක් කළ හැකි දිගුකල් පවත්නා යමකට" පරිවර්තනය කිරීම රසික ජයකොඩිගේ ඉලක්කයයි.

"සිය සාමාජිකත්වයට අධ්‍යාපනය ලබා දී RSS සාරධර්ම කාවද්දා, තම සාමාජිකත්වය විසින් පිළිගෙන සමාජයට ගෙනයනු ලබන සංස්කෘතියක් හා සම්ප්‍රදා ගොන්නක් නිර්මාණය කිරීම RSS සංවිධානය විසින් සාර්ථකව සිදු කොට ඇත," යි රසික ජයකොඩි හින්දුවාදී සංවිධානය වර්ණනා කර ඇත.


ඝාතක පුරාජේරුව

RSS In
ගුජරාට් ප්‍රාන්තයේ දුම්රියකට 2002 දී ගිනිතබා හින්දු ක්‍රියාධාරීන් හැට ගණනක් ඝාතනය කිරීමේ පලිය ගැනීම සඳහා මුස්ලිම් වරුන් 2000ක් ඝාතනය කළ බවට RSS සංවිධානයේ නායකයකු ප්‍රසිද්ධියේ උදම් අනා තිබුණි. එම සංහාර සමයේ ගුජරාට මහ ඇමැති වූයේ තුරුණු වියේදී RSS සාමාජිකයකු වූ වර්තමාන අගමැති නරේන්ද්‍ර මෝඩි ය.

මධ්‍ය ප්‍රදේශයේ උජ්ජයින් හින්දු ශුද්ධ නගරයේදී  එම බිහිසුණු හෙළිදරව්ව කළ දොස්තර කුන්ඩන් චන්ද්‍රවත් වැඩිදුරටත් තම අනුගාමිකයන්ට කියා සිටියේ කේරළ ප්‍රාන්තයේ වාමාංශික පෙරමුණු ආණ්ඩුවක් පවත්වාගෙන යන  මහ ඇමැති පිනරායි විජයන්ගේ ගෙල සිඳ තමන් අතට දෙන අයකුට රුපියල් කෝටියක ප්‍රසාද දීමනාවක් ගෙවන බවයි.

"තොපි අපේ ප්‍රචාරකයන් සහ ක්‍රියාකාරීන් 300ක් මරලා තියෙනවා. ඒකට හිලව්වට අපි  භාරත මාතාවට හිස් කබල් තුන්ලක්ෂයක මාලයක් පළඳනවා. වාමාංශිකයිනි, ප්‍රවේසම් වෙයල්ලා," යි ඔහු පාරම් බා තිබේ.

එම රැස්වීම පැවැත්වුනේ මාක්ස්වාදී ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් සමග RSS සංවිධානය නිරන්තරයෙන් ගැටෙන කේරලයේ කන්නුර් පළාතේ RSS මරණ හෙලා දැකීමටය. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි 300ක් ලෙස ගණන් බලා ඇත්තේ පනස් අවුරුද්දක් තිස්සේ මියගිය දෙපාර්ශවයේම සංඛ්‍යාවය.


NextGenSL 2022

Why the convenor of a ‘liberal’ Sri Lankan political platform finds RSS ‘impressive’ 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්