leader s

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන සියලු පක්ෂ නියෝජනය කරන දේශපාලන ක්‍රියාකාරීන්ගේ කැමැත්ත මත ඔවුන් සියලුම දෙනා එක්සත් ජාතික පක්ෂයට එකතු කර ගන්නා නව වැඩපිළිවෙලක්

සකස් කරනා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂ ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

දිනෙන් දින වෙනස් වන මෙරට දේශපාලන වාතාවරණය දෙස අවධානය යොමු කර ප්‍රධාන ධාරාවේ නියෝජිතයන් මෙන්ම ගම් මට්ටමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය ඇතුළු සෑම පක්ෂයක්ම නියෝජනය කළ දේශපාලන ක්‍රියාකාරීන් පක්ෂයට එකතු කර ගැනීමේ වැඩ කටයුතු ඒ අනුව කඩිනමින් ආරම්භ කරනා ලෙස ද රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇත.

හැකි ඉක්මණින් මෙම වැඩපිළිවෙල සකස් කරන ලෙසත් ඒ අනුව පක්ෂයේ ඉදිරි කටයුතු ආරම්භ කරනා ලෙසත් එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇත්තේ, එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, උපනායක අකිල විරාජ් කාරියවසම් ගේ සහභාගීත්වයෙන් පැවති එක්සත් ජාතික පක්ෂයේ ඉහළ පෙළේ දේශපාලන රැස්වීමක දී ය.

කොළඹින් බැහැරව ගොස් සිටි බැවින් රවී කරුණානායක මෙම රැස්වීමට සභාභාගී වී නැතත් පක්ෂ නායකත්වය විසින් ඔහුට ද ඒ සම්බන්ධ විශේෂ වගකීමක් පවරා ඇතැයි වාර්තාවේ.

(මුලාශ්‍රය -lankadeepa.lk)

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්