leader s

දකුණේ උපාධි අපේක්ෂක අරගලකරුවන් සිරගත කිරීමට යොදා ගැනීම සමග සිංහල සමාජය තුල පිළිකුලට පාත්‍රවී ඇති ත්‍රස්තවාදය වැළක්වීමේ පනත

යටතේ අත්අඩංගුවට ගෙන දහසය අවුරුද්දක් සිරගත කර සිටින දේශපාලන සිරකරුවකු රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් දිනා ගෙන තිබේ.


සාහිත්‍යකරණයේ නියැලෙන විශිෂ්ටයන් වාර්ෂිකව ඇගයීමට ලක් කෙරෙන රාජ්‍ය සාහිත්‍ය උළෙලේදී හොඳම ස්වතන්ත්‍ර දෙමළ භාෂා නවකථාකරු ලෙස ඇගයීමට පාත්‍රවී ඇත්තේ රාජ්‍ය සම්මානය ඇතුළු දේශීය සම්මාන ගණනාවකින් පුද ලබා සිටින සිවලිංගම් අරූරන් නම් දෙමළ දේශපාලන සිරකරුවායි.

 

කොළඹ, බණ්ඩාරනායක සමරු ශාලාවේදී පැවති 65 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී සිවලිංගම් අරූරන් විසින් මැගසින් බන්ධනාගාරයේ සිට රචිත ``ආතුරසාලෙයි (ஆதுரசாலை - ඉස්පිරිතාලය)" නවකථාව වෙනුවෙන් සම්මාන හිමිවී තිබේ.

 

aruna


මොරටු සරසවියේ ඉංජිනේරු උපාධිධාරියෙකු වන සාහිත්‍යවේදී අරූරන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටියදී 2006 වසරේදී සුදු වෑන් රියකින් පැහැරගෙන ගොස් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ වසරේම කොළඹ, පිත්තල හන්දියේදී සිදුවූ බෝම්බ පිපිරීමට සම්බන්ධ බවට සැකපිටයි.


ආණ්ඩුවත්, රජයේ ආරක්ෂක අංශත් චෝදනා කරන්නේ එම බෝම්බය එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කළ එකක් බවයි.


දහසය අවුරුදක් ගතවීත් එම චෝදනා අධිකරණයක් හමුවේ ඔප්පු කොට චුදිත්යන්ට දඬුවම් පැමිණවීමට රජය අසමත් වී සිටී.


ත්‍රස්ත පනත යටතේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිරගත කර සිටින අරූරන් විසින් රචිත සාහිත්‍ය නිර්මාණ කෘති අටම මෙවර සාහිත්‍ය සම්මානයට නිර්දේශ ග්‍රන්ථ අතර වේ.


2008 වසරේ දෙමළ සාහිත්‍යයට හිමි සම්මානය දිනා ගෙන ඇත්තේ ද සිවලිංගම් අරූරන් විසින් රචිත 'යාලිසෛ (யாழிசை)' නවකතාවයි.


සම්මාන උළෙලට බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවල් මැද සාහිත්‍යවේදී අරූරන් රැගෙන විත් තිබුණි.


මෙහිදී ඉංග්‍රීසි බසින් ලියවුනු හොඳම නවකතාව ලෙස ප්‍රේමිනී අමරසිංහගේ ''FOOT PRINTS'' සහ සිංහල  මාධ්‍යයෙන් ''නකුල මුනි'' නම් එරික් ඉලයප්ආරච්චි ගේ ප්‍රබන්ධ නිර්මාණයටත් සම්මාන පිරිනැමිණි.

 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්