leader s

ඊයේ (31) රාත්‍රී කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ දී කලහාකාරි පිරිසක් විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරයකින් පොලිස් සැරයන්වරයකු මියගොස් ඇතැයි වාර්තාවේ.


පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, කැබිතිගොල්ලෑව සිට වහල්කඩ දක්වා ගමන්ගත් බස් රථයෙන් පැමිණි බී.ගුණසිංහ යන අය බස්රථයෙන් බැස නිවස කරා යමින් සිටිය දී රාත්‍රී 7.45ට පමණ කැබිතිගොල්ලෑව පොලිස් වසමේ රඔකැපූවැව හංදිය අසලදි වන අලි ප්‍රහාරයකින් මියගොස්  ඇත.

මෙම සිදුවිම සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව පොලිසියට ලද තොරතුරට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් රාත්‍රී 8.00ට ට පමණ එම ස්ථානයට ගොස් ඇති අතර එම අවස්ථාවේදී එම ස්ථානයේ මාර්ගය අවහිර කරමින්, හිමි නමක් හා ගම්වාසීන් සියදෙනෙකු පමණ එකරාශි වි කලහාකාරි ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීන්ට විරෝධය දක්වා ඇත.

එහිදී පොලීසිය සහ එම පිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇතිව ඇති අතර තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලීසිය අහසට වෙඩිතැබීමක් ද සිදුකර ඇති බව වාර්තාවේ.

එහිදී පිරිස අතර සිටි අයෙකු විසින් පොලිස් නිලධාරියකුගේ හිසට පොල්ලකින් පහරදී ඇති අතර තුවාල ලැබූ පොලිස් නිලධාරියා මැදවච්චිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇත.

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්