leader s

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ දෙවන කාණ්ඩයේ තීරණාත්මක තරඟයක් අද පැවැත්වේ. ඒ, ඉන්දියාව සහ බංග්ලාදේශය අතරයි.


2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ දෙවැනි කාණ්ඩයේ තරග දෙකක් අද (02) පැවැත්වේ. පළමු තරගයට එක් වන්නේ, නෙදර්ලන්ත සහ සිම්බාබ්වේ කණ්ඩායම්ය.

අනතුරුව ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අනෙක් තරගයට පැවැත්වේ.

මෙම තරග දෙකම ඔස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ්හිදී පැවැත්වීමට නියමිතය.

මේ වනවිට සුපිරි 12 දෙනාගේ වටයේ දෙවැනි කාණ්ඩයේ සෑම කණ්ඩායමක්ම තරග 3 කට සහභාගී වී ඇති අතර එහි පෙරමුණේ පසු වන්නේ දකුණු අප්‍රිකාවයි.

අද දිනයේ පළමු තරගයට එක්වන සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසු වේ.

සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියක සුපිරි 12 දෙනාගේ වටයට පිවිසි පළමු අවස්ථාව මෙය වන අතර එම කණ්ඩායමේ නායක ක්‍රෙයිග් අර්වින් පවසන්නේ, තමන් ධනාත්මක ලෙස මෙම තරගයට එක් වන බවයි.

මේ අතර ප්‍රතිවාදී නෙදර්ලන්තය සහභාගී වූ තරග 3 න්ම පරාජය වූ බැවින් ඔවුන් එහි ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවේ.

එම කණ්ඩායමේ ලෝගන් වෑන් බීක් පවසන්නේ, පැවැති තරග තුනේදීම දක්ෂතා අතරට පිවිසීමට නොහැකි වූ නිසා ඉදිරි තරග දෙක ජය ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි.

තරගය පවතින ඇඩිලේඩ් ක්‍රීඩාංගණය ආශ්‍රිතව සුළු වශයෙන් වර්ෂාව ඇති විය හැකි බවට විදෙස් වාර්තා පවසයි.

මෙම තරගය මෙරට වේලාවෙන් උදෑසන 9.30ට ආරම්භ වීමට නියමිතය.


ඉන්දියාව – බංග්ලාදේශය


ආසියානු කලාපයේ රටවල් දෙකක් අතර පැවැත්වෙන අද දිනයේ දෙවැනි තරගය කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

මෙම කන්ඩායම් දෙකම තමන් සහභාගීවූ තරඟ 03 න් 02 ක බැඟින් ජයගෙන ප්‍රසාද ලකුණු 04 බැඟින් රැස්කරගෙන සිටිති. එහෙත් දළ ලකුණු වේගය අනුව ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවයි. ඒ අනුව මෙම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීම පිළිබඳව වැඩි බලාපොරොත්තු තබා ගැනීමට හැකි වේ.

දෙරට අතර මීට වසර තුනකට පෙර පැවැති තරගාවලියෙන් අනතුරුව දෙපිලම පන්දුවාර 20යි 20 තරගයකදී හමුවන පළමු අවස්ථාව මෙයයි.

මෙම කණ්ඩායම් දෙකම ඇඩිලේඩ් ක්‍රීඩාංගණයේ තරගය බැගින් ජයගෙන සිටීම විශේෂත්වයකි.

අද තරගයේදී ඉන්දීය කණ්ඩායම පරාජය කිරීමට හැකි වුවහොත් එය විශාල පෙරළියක් බව බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් පවසයි.

මෙම තරගය මෙරට වේලාවෙන් දහවල් 1.30ට ආරම්භ වීමට නියමිතය.


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්