leader s

'පොහොට්ටුවේ' ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ විසින් සිය නාමයෝජනා බාරදීමේදී මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයයැයි සඳහන් කරමින් ගෝඨාබය රාජපක්ෂගේ අත්සන නොමැති ලේඛනයක් ඔහුගේ  ප්‍රධාන නීති උපදේශක ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රි විසින් ඊයේ (11) රාත්‍රියේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ ප්‍රසිද්ධ කිරීම නිසා බරපතළ ගැටළු සහගත තත්වයක් උද්ගතව ඇත.

මෙම දිවුරුම් ප්‍රකාශයෙහි විශේෂත්වය වූයේ ගෝඨාබය රාජපක්ෂ ඊට මුද්දර ගසා අත්සන් තබා නැතත් තමන් ඉදිරියේ ඔහු ඊට අත්සන් තැබූ බව කියමින් නීතීඥයකු විසින් එය සහතික කර තිබීමය. 

දිවුරුම් ප්‍රකාශයක් යනු ප්‍රබල නීතිමය ලෙඛනයක් වන අතර එහි නීත්‍යානුකූල ක්‍රමවේදය වන්නේ සමාදාන විනිසුරුවරයකු හෝ දිවුරුම් කොමසාරිස් බලය හිමි වෙනත් නිලධාරියකු හෝ විසින් එය දිවුරුම්කරුට කියවා, තේරුම් කරදීමෙන් අනතුරුව දිවුරුම්කරු එය සත්‍ය බව පිළිගෙන, ප්‍රතිඥා දී එහි මුද්දරයක් ගසා අත්සන් තැබූ පසු අදාළ නිලධාරියා එය දිවුරුම්කරු තමන් ඉදිරියේ කියවා බලා අත්සන් තැබූ බවට සහතික කරමින් ඊට පහළින් අත්සන් තැබීමය. 

තමන් ඉදිරියේ අත්සන් නොකරන ලද දිවුරුම් ප්‍රකාශයකට දිවුරුම් කොමසාරිස් බලය හිමි නිලධාරියකු විසින් පහළින් අත්සන් තබා ඇත්නම් එය නීතිවිරෝධී, කූඨ ලේඛනයක් වෙයි. 

මේ අනුව ඊයේ රාත්‍රියේ ගෝඨාබය රාජපක්ෂගේ ප්‍රධාන නීති උපදේශකයා වන මොහොමඩ් අලි සබ්‍රි විසින් ප්‍රසිද්ධියට පත් කර තිබුණේ නීතිවිරෝධී, කූඨ ලේඛනයකි. 
image 885458fe06
අත්සන තැබුවේ කවදාද කොතැනදීද ?

මෙසේ පළමු දිවුරුම් ප්‍රකාශය ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ පළකර මඳ වේලාවකට පසුව තමන් කළ වරද අවබෝධ කරගත් අලි සබ්‍රි විසින් එය ඉවත් කරගෙන මුද්දරයක් සහ ගෝඨාබය රාජපක්ෂගේ අත්සන සහිත දිවුරුම් ප්‍රකාශයක් යළි ප්‍රසිද්ධියට පත් කර තිබිණි. ඒ අත්සන තැබුවේ කවදාද කොතැනදීද යන්න දන්නේ ඔවුන්ම පමණකි. 


මේ හරහා නීතිමය ප්‍රශ්න ගණනාවක් මතුවන අතර ගෝඨාබය රාජපක්ෂ වෙනුවෙන් මෙතෙක් ඉදිරිපත් කළ සියලුම ලේඛන පිළිබඳව අතිශයින් බරපතළ සැකයක් ද උපදී. 

විශේෂයෙන් දැනටමත් ප්‍රශ්න සහගතව ඇති 2005 වසරේදී ඇමරිකානුවෙකුව සිටිමින් ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ඉතාම කෙටිකලකින් ලබාගත් බවට ගෝඨාබය රාජපක්ෂ ඉදිරිපත් කර ඇති, එහි මුල් ලිපිගොනු අතුරුදන්ව ඇති අතර ද්විත්ව පුරවැසි සහතිකය සහ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බවට ගෝඨාබය රාජපක්ෂගේ පාර්ශ්වය සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහැර ඇති සහතිකයේ ඡායා පිටපත යන ලේඛන දෙක කූ‍ඨ ලේඛනද යනුවෙන් සමාජය තුළ මතුව ඇති සැකය මේ හරහා දෙගුණ තෙගුණ වී තිබේ.

ගෝඨාබයගේ "නීතිගරුක රට'' ?
image 1ad608630c

''ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ "නීතිගරුක රටක්" බිහිකරන බව කියමිනි. එකී නීතිගරුක රට කෙසේවෙතත් ගෝඨාබය රාජපක්ෂ සහ ඔහුගේ නීති නිලධාරීන් දැනටමත් කටයුතු කරන්නේ සම්පූර්ණයෙන්ම නීතිය නොතකා හරිමින්ය''


අනෙක් අතට ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ "නීතිගරුක රටක්" බිහිකරන බව කියමිනි. එකී නීතිගරුක රට කෙසේවෙතත් ගෝඨාබය රාජපක්ෂ සහ ඔහුගේ නීති නිලධාරීන් දැනටමත් කටයුතු කරන්නේ සම්පූර්ණයෙන්ම නීතිය නොතකා හරිමින්ය යන කරුණ මේ හරහා ජනතාව වෙත යළිත් වතාවක් ඔප්පු වී තිබේ. 

ඒ අනුව ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්‍රි විසින් ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ අවසන් පැය 48 ආසන්නයේදීම ගෝඨාබය රාජපක්ෂව බරපතල අසීරුතාවයකට පත්කර ඇති බව පැහැදිලිය.

(උපුටා ගැනීම -lankanewsweb.net)



 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්