20 විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවර දී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව

යටතේ අත්අඩංගුවට ගෙන තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.


පසුගිය සතියේදී සිදුව ඇති බව කියන මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයා ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද අලුයම 1.00ට පමණ සිඩ්නි හි පිහිටි හෝටලයක් තුලදී අත්අඩංගුවට ගනු ලැබූ බව වාර්තා වේ.


ධනුෂ්ක ගුණතිලක සහ ඕස්ට්‍රේලියාවේ වෙසෙන 29 හැවිරිදි කාන්තාවක් ඔන්ලයින් යෙදුමක් හරහා (dating app) දින ගණනාවක් පණිවිඩ හුවමාරු කර ගෙන තිබෙන අතර පසුව ඔහු එම කාන්තාව ගේ නිවසට ගොස් ඇය මුණගැසී ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබන නිව් සවුත් වේල්ස් පොලිසිය නිකුත් කළ ප්‍රකාශයක සඳහන් බව විදෙස් මාධ්‍ය වර්තා කර ඇත.


එහිදී ධනුෂ්ක ගුණතිලක විසින් අදාළ කාන්තාව ලිංගික අතවරයකට පත්කර ඇති බවට ඇය විසින් පොලිසියට පැමිණිලි කොට ඇති අතර පසුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත. ''කැමැත්තෙන් තොරව සිව් වතාවක් ලිංගික සංසර්ගයේ යෙදුණු'' බවට අදාල කාන්තාව පොලිසියට පවසා තිබෙන බව වාර්තාවේ.


පොලිස් ඇප ලබාදීම ද ප්‍රතික්ෂේප වේ


අපරාධය සිදුවූ බව කියන නැගෙනහිර සිඩ්නි නුවර පිහිටි අදාළ කාන්තාවගේ නිවස ද පොලිසිය විසින් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරයි.


ඒ අනුව ධනුෂ්ක ගුණතිලකව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි සිඩ්නි හි පිහිටි හෝටලයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මේ වන විට සිඩ්නි පොලිස් ස්ථානය වෙත ගොස් තිබේ.


ඔහුව අද දිනයේදී අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව ඇත.


ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ට්‍රේලියානු නීතිය යටතේ චෝදනා 04ක් ගොනු කර ඇති අතර ඔහුට පොලිස් ඇප ලබාදීම ද ප්‍රතික්ෂේප කර තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.


ශ්‍රී ලංකාව නැමීබියාව සමග පැවති පළමු තරගයට ක්‍රීඩා කළ ඔහු අබාධයක් හේතුවෙන් සෙසු තරගවලින් ඉවත් කර ඒ වෙනුවට අශේන් බණ්ඩාර ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගත්ත ද ධනුෂ්ක ගුණතිලක යළි ශ්‍රී ලංකාවට එවීමට බලධාරීන් කටයුතු කර නොතිබුණු බවට මාධ්‍ය වාර්තා පළ වී තිබේ.


අත්අඩංගුවට ගත් ක්‍රීඩකයා නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත ශ්‍රී ලංකාවට පැමිණි බව වාර්තාවේ.


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්