Institute of Politics ආයතනය විසින් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම සඳහා කැපවන ජ්‍යෙෂ්ඨ දේශපාලන චරිතයක් ඇගයීම සඳහා පිරිනමනු ලබන ප්‍රජාතන්ත්‍රවාදයේ රන් සම්මානය මෙවර හිටපු විපක්ෂ නායක ආර්.

සම්බන්ධන්  වෙත පිරිනමා තිබෙනවා.

Institute of Politics ආයතනය ආණ්ඩුකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව හැදෑරීම සඳහා ඩිප්ලෝමා පාඨමාලවන් පවත්වන ආයතනයක් වන අතර දේශපාලනය ගෞරවණීය වෘත්තීයක් බවට පත් කිරීම සඳහා වෘත්තීය දේශපාලන පරිචයන් හඳුන්වාදීමට සහ වැඩි දියුණු කිරීමට කටයුතු කරන ආයතනයකි.

එම ආයතනයේ 2022 වාර්ෂික ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය 05.11.2022 දින ශ්‍රීලංකා පදනම් ආයතනයේ දී පැවැත්වුණ අතර එහිදී එම පාඨමාලාව හැදැරූ 75 දෙනෙකු ඩිප්ලෝමාදාරීන් බවට පත්වූහ.

මෙම වාර්ෂික ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට සමගාමීව ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව යන විෂයන්ට අදාලව කැපවූ විශිෂ්ඨ දේශපාලන චරිත ඇගයීමක් සිදුකරන අතර එහිදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන ප්‍රජාතන්ත්‍රවාදයේ රන් සම්මානය ආර් සම්බන්ධන්  හිමිවිය.

දශක හතරකට ආසන්න පාර්ලිමේන්තු දිවිය තුළ ඒ මහතා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දක්වන ලද කැපවීම ඇගයීම මෙහි අරමුණ බවත් නිදහස් සටනට දායකවූ පරම්පරාවෙන් දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන එකම චරිතය ආර් සම්බන්ධන්  බවත් එම නිසා Institute of Politics පාලක මණ්ඩලය මෙම සම්මානය සඳහා ඒ මහතා තෝරාගත් බවත් Institute of Politics ආයතනය වෙනුවෙන් අදහස් දක්වමින් එහි සභාපති මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා  ප්‍රකාශ කරන ලදී.

 rohini kavirathna2022.11.06      වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සම්මානය රෝහිණී කවිරත්න - වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සම්මානය ප්‍රේම්නාත් සී දොලවත්තට


මෙම උත්සවයේදීම දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතරින් නිර්ණායක කිහිපයක් මත තෝරාගන්නා දෙදෙනෙකු වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ මන්ත්‍රීවරිය ලෙස ඇගයීම් සම්මානයකට පාත්‍ර කරන ලද අතර එහිදී වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සම්මානය රෝහිණී කවිරත්නටද වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සම්මානය ප්‍රේම්නාත් සී දොලවත්ත මන්ත්‍රීවරයා ටද හිමි විය.

Institute of Politics ආයතනය වෘත්තීය දේශපාලන පරිචයන් වර්ධනය කිරීම සඳහා ඉදිරියේදි සෑම දේශපාලන පක්ෂයක් සඳහාම සහභාගීවිය හැකි වැඩමුළු සංවිධානය කිරීමට අපේක්ෂා කරන බව එම ආයතනය වෙනුවෙන් සභාපති මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා  වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.

වෘත්තීය අධ්‍යාපන ආයතනයක් ලෙස පවත්වාගෙන යන Institute of Politics ආයතනයේ සියලු අධ්‍යයන කටයුතු, පාඨමාලා සහ වැඩමුළු පිළිගත් විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණ අත්දැකීම් ඇති වෘත්තිකයින් විසින් මෙහෙයවනු ලබයි.

 {gallery}Institute of Politics{/gallery}

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්