අවසරයකින් තොරව ලිංගික සංසර්ගයේ යෙදීමේ චෝදනා හතරක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අත්අඩංගුවට පත් ශ්‍රී

ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද (නොවැම්බර් 07 වැනිදා) එරට වේවර්ලි ප්‍රාදේශීය අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබු අතර ඔහුට ඇප ලබානොදීමට අධිකරණය තීන්දු කර තිබේ.


ඒ අනුව, ඔහු තවදුරටත් අත්අඩංගුවේ පසු වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.


ධනුෂ්ක ගුණතිලක වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. ඔහුට අත්විලංගු දමා සිටින අයුරු දිස්වූ බව එරට මාධ්‍ය වාර්තා කොට තිබුණි.

 

එහිදී ඔහුගේ පෙර වැරදි සම්බන්ධයෙන් මිට ඉහතදී සමාජ මාධ්‍ය තුල පලවී වාර්තාද අධිකරණය විසින් සැලකිල්ලට ගෙන ඇති අතර ඔහුව නිදහස් කළහොත් වින්දිත කාන්තාවට බලපෑම් කිරීමට ඇති ඉඩකඩ ද අධිකරණයේ අවධානයට යොමුවූ බව පැවසේ. කෙසේවුවද ඔහු සම්බන්ධයෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එරට නීති විශාරදයින් ගෙන් උපදෙස් ලබාගනිමින් සිටින බව වාර්තාවේ.

 

මොකක් වෙයිද ?


ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටිමින් ඇප ඉල්ලීමක් කර තිබුනේ නීතීඥ ආනන්ද අමරනාත් ය.

මහේස්ත්‍රාත් රොබට් විලියම්ස් ඇප අයැදුම විභාගයට ගැනීමට පෙර නඩුව කෙටි වේලාවකට කල්තබා ඇතැයි එරට මාධ්‍ය අනාවරණය කර තිබිණ.




කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති අංශයේ හිටපු ප්‍රධානී නීතිවේදී අචාර්ය චානක සේනානායක පැවසුවේ, ධනුෂ්ක ගුණතිලකගේ විදෙස් ගමන් බලපත්‍රය මේවන විට ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බවයි.

ඒ අනුව ඔහුට එරටින් පිටවිය නොහැකි බව ආචාර්ය චානක සේනානායක සඳහන් කළේය.

නඩුව අවසන් වනතුරු ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඔහුට රැඳී සිටීමට සිදුවනු ඇති බවද චානක සේනානායක පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ නඩුවේ තීන්දුව මත ඔහුගේ ක්‍රිකට් අනාගතය තීරණය වනු ඇති බවය.

sl crik


චෝදනා මොනවද ?


අවසරයකින් තොරව ලිංගිකව එක්වීමේ චෝදනා හතරක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති අතර සිඩ්නි අධිකරණයේදී ඔහුට ඇප ලබාදීම ඊයේ (නොවැම්බර් 06 වැනිදා) ප්‍රතික්ෂේප කර ඇත.

31 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක, සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එංගලන්තයට එරෙහිව පැවැති 20/20 ලෝක කුසලාන තරගයෙන් එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4කින් පරාජයට පත්වීමෙන් පසු එරට වේලාවෙන් ඉරිදා අලුයම 1.00ට පමණ ශ්‍රී ලංකා කණ්ඩායම නතරවී සිටි සිඩ්නි සසෙක්ස් වීදියේ හෝටලයකදී අත්අඩංගුවට ගැණින.

නිව් සවුත් වේල්ස් පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ, සිඩ්නි හි නැගෙනහිර තදාසන්න ප්‍රදේශයේදී නොවැම්බර් 2 වැනි බදාදා 29 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

සිද්ධිය සම්බන්ධයෙන් එරට රහස් පරීක්ෂක නිලධාරීන් මේවන විට පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇත.

 

අන්තර්ජාලය ඔස්සේ හඳුනාගෙන තම රුචිකත්වයන් මත පුද්ගලයින් ඇසුරු කිරිමට හැකි 'Tinder' නැමති 'Dating App' ඇප් එක ඔස්සේ අදාළ කාන්තාව සමඟ පණිවිඩ හුවමාරු කර ගෙන දින තුනකට පමණ පසු  එනම් නොවැම්බර් 2 වැනිදා මෙම කාන්තාවට ලිංගික අතවර කළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇති තිබේ. නිව් සවුත් වේල්ස් පොලිසිය පවසන්නේ අදාළ ඇප් එක ඔස්සේ දින කිහිපයක් පණිවිඩ හුවමාරු කර ගැනීමෙන් පසු, ධනුෂ්ක ගුණතිලක මෙම කාන්තාව හමුවී ඇති බවය.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආබාධ සහිතව ධනුෂ්කව තබා ගත්තේ ඇයි?


ඔක්තෝම්බර් 20 වන දින ආබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක තරගාවලියෙන් ඉවත් වූ නමුත් ඔහු ඕස්ට්‍රේලියාවේම ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ රැඳී සිටියේය.

ආබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකව කණ්ඩායමෙන් ඉවත් කර තිබියදී ඔහුව දිගටම ඔස්ට්‍රේලියාවේ තබා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් කරුණු විමසා තිබුණි.

ධනුෂ්ක ගුණතිලක වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කරනු ලැබුවද, ඔහුව සූදානම් සහිතව සිටින ක්‍රීඩකයෙකු ලෙස සංචිතයේ රඳවා ගත් බව මීට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

වෛද්‍යවරුන් සහ තේරීම් කමිටු නිලධාරීන් සමඟ සාකච්ඡා කර කණ්ඩායම් කළමනාකාරීත්වය මෙම තීරණය ගෙන ඇත්තේ ගුණතිලකට ඇති වූ ආබාධයෙන් ඔහු ඉක්මනින් සුවය ලබමින් සිටින බැවින් බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

ධනුෂ්ක ඕස්ට්‍රේලියාවේ දේශගුණික තත්ත්වයන්ට හුරුවී ඇති බැවින්, අවශ්‍ය නම්, ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට වහාම ඔහුව කැඳවීමේ අරමුණින් සහ සංචිතය සමඟ දිගටම පුහුණුවීම් කළ හැකි බැවින්, ඔහු කණ්ඩායම සමඟ තබා ගැනීමට තීරණය වූ බවද ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.


චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියන්නේ කුමක්ද ?


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අධිකරණ ක්‍රියාපටිපාටීන් සමීපව අධීක්ෂණය කරනු ඇති අතර, ICC සමඟ සාකච්ඡා කර, මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කඩිනමින් ආරම්භ කරන අතර වරදකරු වුවහොත් ක්‍රීඩකයාට එරෙහිව දැඩි පියවර ගනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදන කළේය.


පෙර වැරදි තිබේද?


dgs

ධනුෂ්ක ගුණතිලකට මීට පෙර ද සංචාරයක් අතරතුරදී ශ්‍රී ලංකාවේදී මෙවැනිම චෝදනාවක් එල්ල වූ අතර එම චෝදනාවට ඔහු මාස කිහිපයක තරග තහනමකට ලක්විය.

විනය විරෝධී ලෙස හැසිරීම හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකට 2017 වසරේදි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ විනය කමිටුව විසින් එක්දින තරග 6ක තහනමක් පනවා තිබුණි.

තරග තහනමට අමතරව ඔහුගේ වාර්ෂික කොන්ත්‍රාත් මුදලින් 20% ක දඩයක් නියම කිරීමට ද ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබුණි.

ධනුෂ්ක ගුණතිලක ඉන්දීය එක්දින තරගාවලිය අතරතුර රාත්‍රී සාදයකට සහභාගි වී පසුදින උදෑසන පුහුණුවීම් සඳහා නොපැමිණීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරමින් ඔහුට මේ තරග තහනම පනවන ලද බවට එවකට වාර්තා විය.

එක්සත් රාජධානියේදී ජෛව බුබුල උල්ලංඝනය කිරීම හේතුවෙන්ද ඔහුට වසරක තහනමක් පැනවූ අතර මාස හයකට පසු තහනම ඉවත් කරන ලදී.


(උපුටා ගැනීම් - BBC සිංහල සේවය )


සබැඳි පුවත් :
ධනුෂ්ක ගුණතිලකට ජාතික හා ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් !


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්