theleaderlk 01

විරෝධතාකරුවන් කොටුව ජනාධිපති මන්දිරයෙන් සොයා ගත් රුපියල් මිලියන 18කට අධික මුදල ලැබුණු ආකාරය ගැන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ගෙන විමර්ශනය කරන්නැයි කොටුව

මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ  (නොවැම්බර් 11 ) පොලිසියට නියෝග කළේය.

ජුනි 09 වැනිදා අරගලකරුවන් විසින් මෙම මුදල් තොගය සොයා ගෙන තිබුණේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නිදන කාමරයේ තිබියදීය.


Danny 2022.11.12


නඩුව ඊයේ කැදවු අවස්ථාවේදී ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා හිටපු ජනාධිපති ගෝඨභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගෙන නොමැති බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ අනුව ඔහුගෙන් ප්‍රකාශයක් ගැනීමට අධිකරණය විසින් කොටුව පොලිසියට නියෝග කරනු ලැබීය.

මේ අතර අරගලකරුවන් කොටුව ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුලු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ 59 වැනි සැකකරු ලෙස නීතිඥ නුවන් බෝපගේ ඊයේ නම් කෙරිණි.

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය කළ කරුණු දැක්වීමක් සළකා බලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඔහුව සැකකරුවෙකු ලෙස නම් කිරීමට අවසර ලබා දුන්නේය.



The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

නවතම පුවත්