leader s

ජනාධිපතිවරයා කතානායකවරයාට ලිපියක් යවමින් සතුටුදායක ප්‍රගතියක් නැතැයි කරන ලද සඳහනක එම කොටස පමණක් උපුටා දක්වමින් එය ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමේ පියවර සම්බන්ධ ප්‍රකාශයක් ලෙස

හුවා දැක්වීමට වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය උත්සාහ කරන ආකාරය දකින්නට ලැබෙනවා.

මෙය නූතන මාධ්‍ය හැසිරීමේ සුවිශේෂ ලක්ෂණයක් නිරූපණය කරනවා. උදාහරණයක් ලෙස මේ සමග දැක්වෙන මීම් එක පමණක් ඒ හා සම්බන්ධ ප්‍රවෘත්තියෙන් තොරව විශාල වශයෙන් ප්‍රචාරය වෙනවා. එය ෂෙයා කරන බොහෝදෙනෙකු ජනාධිපතිවරයා මේ කියන්නේ මොකක් ගැනද යන්න පවා දන්නේ නැහැ. ඔවුන් එය තමන්ට ඕනෑ දෙයක් වෙනුවෙන් පාවිච්චි කරනවා.


එහෙත්, කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකරමින් ජනාධිපතිවරයා පැවසුවේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙරට දිගුකාලීන ක්‍රමික වෙනස්කම් ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සතුටුදායක ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකිවී ඇති බවයි.



මෙම ලිඛිත දැනුම් දීමෙන් පෙන්වා දී තිබෙන්නේ අදාළ යෝජනා අතුරින් මෙතෙක් ක්‍රියාත්මක කර ඇත්තේ ජාතික සභාව පිහිටුවීම පමණක් බව ය.

මෙරට දිගුකාලීන ක්‍රමික වෙනස්කම් ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා අතර බැංකු කටයුතු සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව, ආර්ථිකය ස්ථායිකරණය පිළිබද කාරක සභාව සහ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව යනුවෙන් වූ රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභා පත්කිරීමට යෝජනා කර තිබෙනවා.

එසේ ම, ආංශික කාරක සභා සඳහා තරුණ නියෝජිතයින් පස් දෙනෙකු පත් කිරීමට හා පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමට ඉදිරිපත් කළ යෝජනා ද ක්‍රියාත්මකව නැතැයි ඔහු දැනුම් දී තිබෙනවා. පාර්ලිමේන්තු ආංශික කාරක සභා 17ක් පිහිටුවිය යුතු වුවත්, මෙතෙක් ඒ සඳහා සභාපතිවරුන් පත් කර නොමැති අතර ආංශික කාරක සභා සඳහා පත් කළ යුතු තරුණ නියෝජිතයන් තෝරා ගනු ලබන ආකාරය හා ඔවුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් නිර්ණායක සකස් කිරීම ද සිදුව නැති බව ජනාධිපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

ලබන වසරේ අයවැය ක්‍රියාත්මක වන විට මෙම යෝජනා ක්‍රියාත්මක කළ හැකි අතර එමගින් රජය අපේක්ෂා කරන ක්‍රම වෙනස ඉතා ඉක්මනින් ළඟා කර ගැනීමට හැකි වනු ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශ්වාසය පළ කළා.

පාර්ලිමේන්තු අය වැය කාර්යාලය සඳහා වූ නීති කෙටුම්පත ද මේ වන විට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ තිබෙනවා.


AJITH PARAKUM


 

 

(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක

praja.lk

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්