leader s

ලබන වසරේ මාර්තු 20 වැනි දා වනවිට පළාත් පාලන මැතිවරණය පවත්වා නව සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.


එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ, ලබන මාර්තු මස 20 වැනි දා වනවිට පළාත් පාලන ආයතනවල නව සභාවාරයන් ආරම්භ කිරීමට හැකි පරිදී එම කටයුතු සිදු කරන බවය.

ඒ සඳහා නෛතික ප්‍රතිපාදන තම කොමිසම සතුව ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණය සඳහා කොමිසමක් පත් කිරීමත් සමග පළාත් පාලන මැතිවරණය මාර්තු 20 වැනි දා පැවැත්වීමට නොහැකි බව මේ වනවිට විවිධ මත පළ වේ.

මේ අතර පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණයට කොමිසමක් පත් කිරීමෙන් පළාත් පාලන මැතිවරණය මාර්තු 20 වැනි දාට පෙර පැවැත්වීමේ කිසිදු බාධාවක් නොමැති බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පසුගිය දා පැවසීය.

මෙරට ක්‍රියාත්මක පළාත් පාලන ආයතන සංඛ්‍යාව 341 කි.


ඒකාබද්ධ ලිපියක් ...


සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 16ක් ඊයේ දිනයේ (15) මැතිවරණ කොමිසම වෙත ගොස් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එම කොමිසම සමග සාකච්ජා කළේය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාවට සහභාගී වූ මෙම පිරිස පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා ඒකාබද්ධ ලිපියක් ද භාරදී තිබුණි.

සමගී ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, උත්තර ලංකා සභාගය, නිදහස ජනතා සභාව, ඉලංගෙයි තමිල් අරසු කච්චි ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියේය.

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පැවසුයේ, මැතිවරණයක් පැවැත්වීමේ කාලවකවානුව ගැන පැහැදිලි පිළිතුරක් ලැබුණු බවයි.  

 Maco 122022.11.16

 ( මුලාශ්‍රය -News 1st)

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්