leader s

ඕමානයේ රැකියාවට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා එල්ල වී සිටින ඕමානයේ ශ්‍රී ලංකා

තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ වැඩ තහනම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.


එලෙස වැඩතහනමට ලක්ව ඇත්තේ, ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ලෙස කටයුතු කළ ඊ. කේ කුෂාන් නැමැති පුද්ගලයෙකුගේය.


තමනට තර්ජන එල්ල වී ඇති බව පවසමින් අදාල ලේකම්වරයා, විදේශ රැකියා අමාත්‍යවරයාට ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.


ඕමානයේ මිනිස් ජාවාරමට එරෙහිව තමන් කටයුතු කළ බව කියන එම තෙවැනි ලේකම්වරයා, සංවිධානාත්මක පිරිසක් තමන්ට එරෙහිව චෝදනාව සමාජගත කරන බව ද එම ලිපියේ සඳහන් කර තිබේ.


කාන්තා ජාවාරමේ තවත් ජාවාරම්කරුවකු අල්ලයි


ඩුබායි සහ ඕමානයේ සිදුකෙරෙන මිනිස් ජාවාරමට සම්බන්ධ බවට පැවසෙන ප්‍රධාන සැකකරු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන කාර්යාලය මගින් පෙරේදා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබිය.


ඕමානය සහ ඩුබායි යන රටවල්වලට ගණිකා සේවය සඳහා මෙරට කාන්තාවන් විවිධ වීසා මත යොමු කළ බවට කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට පත්වූ ජාවාරම්කරුගේ දේශීය නියෝජිතයා ද අද (20) අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුත්ති කාර්යංශයේ නිලධාරියෙක් පැවසීය.


අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයාගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.



සබැඳි පුවත් :
මිනිස් ජාවාරමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට - තානාපති නිලධාරියා තවමත් වැඩ!

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්