අයවැය දෙවැනිවර ඡන්ද විමසීමේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විපක්ෂයේ දේශපාලන ඊයේ (21) රැස්වී දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා තිබේ.


2023 අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (22) පස්වරු 5.00 ට පාර්ලිමේන්තුවේ දී සිදුකරන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ලබන වසර සඳහා වන අයවැය පසුගිය 14 වන දින මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 15 වන දින  ආරම්භ වූ අතර 07වන දිනටත් අද දිනයේ විවාදය පැවැත්වීමට නියමිත අතර විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙට (23) දිනයේ සිට දෙසැම්බර් 08 වන දින දක්වා දින 13ක කාලයක් පැවැත්වෙන අතර තුන්නන වර කියවීමේ ඡන්ද විමසීම එදින පස්වරු 5ට පැවැත්වීමට නියමිතය.


අයවැය ඡන්දය ගැන සමගි ජන බලවේගයේ තීරණය !


2023 අයවැය දෙවන වර කියවීමේ ඡන්දයෙදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ප්‍රධාන විපක්ෂය ඇතුලු පකෂ රැසක් දැනටමත් තීරණය කර තිබේ.

ඒ අනුව සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය අයවැය දෙවන වර කියවීමේ ඡන්ද වීමසීමේදී ඊට විරුද්ධව ජන්දය ප්‍රකාශ කිරිමට ඊයේ සවස පැවැති එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය කළේය.

අතිශයින් බරපතළ කරුණු කාරණා කිහිපයක් මුල්කරගෙන අයවැයට විරුද්ධ වීමට එහිදී ඒකමතිකව තීන්දු කර තිබේ.

පවත්නා තත්ත්වය හමුවේ පොහොට්ටුව වැනි මන්ත්‍රී කණ්ඩායමක් සමග අඟලක් හෝ රට පෙරට ගෙන යා නොහැකි බවත්, අයවැය වාර්තාවේ සඳහන්ව ඇති සංඛ්‍යාව විද්‍යාත්මක බරපතළ දෝෂ බවත් පිළිබඳව මෙහිදී  විශේෂ අවධානය යොමුව ඇත.

WhatsApp Image 2022 11 22 at 8.37.47 AM
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ද අයවැය දෙවනවර කියවීමේ ඡන්ද වීමසීමේදී ඊට විරුද්ධව ජන්දය ප්‍රකාශ කිරීමට තිරණය කළ බව පක්ෂ මහ ලේකම්වරයා පැවසීය.

ජාතික ජන බලවේගයද අයවැය දෙවන වර කියවීමේ ඡන්ද වීමසීමේදී ඊට විරුද්ධව ජන්දය ප්‍රකාශ කිරීමට තිරණය කර ඇත.

උත්තර ලංකා සභාගය නියෝජනය කරන ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද අයවැය දෙවන වර කියවීමේ ඡන්ද වීමසීමේදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තිරණය කළ බව මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේය.

නිදහස ජනතා සභාව නියෝජනය කරන ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ජන්දය ප්‍රකාශ කිරිමට තිරණය කර තිබේ.



බැසිල් වැඩට බසී ! - පොහොට්ටුව අයවැයට පක්ෂයි



මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) සියලු මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂය ඡන්ද ලබා දීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද සඳහන් කළේය.

“මේ දිනවල පාර්ලිමේන්තුව තුළ අයවැය විවාදයට ගැනෙන අවස්ථාවක්. හෙට දවසෙදී ඒ සම්බන්ධයෙන් ඡන්දය පාවිච්චි කිරීමට සියලුම මන්ත්‍රිවරු බලාගෙන සිටිනවා. විශේෂයෙන් අපි දන්නවා මේ අවස්ථාවේ රජයක් හැටියට ආර්ථික වශයෙන් ගෝලීය ආර්ථිකයත් ඉතාමත් අවසනාවන්ත තත්වයකට පත්වෙලා තිබෙන වෙලාවක අපේ රටෙත් ආර්ථිකය කඩා වැටිමක තිබෙන අවස්ථාවක තමයි මේ අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළේ. අද අපි දන්නවා අයවැය තුළ ලොකු පරතරයක් තියෙනවා. ආදායම් තත්වයට වඩා වියදම් තත්වය ඉතාම ඉහළ තත්වයක තිබෙනවා. මේ තත්වය තුළ ඉතාමත්ම අමාරුවෙන් ගෙනයන අයවැයක් බවට මේ අයවැය පත්වෙලා තිබෙනවා. අපි මේ අවස්ථාවේ උත්සහ කරන්න ඕන පක්ෂ පාට ජාති කුලමල වලට බෙදිලා වෙන්වෙලා ඒ පැරණි දේශපාලන සංස්කෘතිය වෙනුවට අලුත් පණිවිඩයක් ලබා දෙන්න.” ඔහු පැවසීය.

පසුගිය ඉරිදා දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඊයේ දිනයේ ජනාධිපතිවරයාගේ නියෝජිතයින් හමුවී අද පැවැත්වෙන අයවැය සම්බන්ධයෙන් එකඟත්වයක් ඇතිකර හෙන ඇතැයි වාර්තාවේ.

මේ අතර ආණ්ඩුවට සම්බන්ධ වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් ද අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදි ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේය.

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්