ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික ක්‍රිකට් සංචිතයක් ඊයේ  (24) පස්වරුවේ ප්‍රකාශයට පත් කර ඇතැයි 'ලංකාදීප' වාර්තා කරයි.


ඇෆ්ගනිස්තානයට එරෙහිව අද (25) පල්ළෙකැලේදී ආරම්භ වන එක්දින තරගාවලිය සඳහා නම් කළ ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා එක්දින සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමුකර තිබියදී සංචිතය ක්‍රිකට් ආයතනය එසේ ප්‍රසිද්ධ කර ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

මෙම සංචිතය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ අනුමැතියට මීට දින කීපයකට පෙර යොමු කළ ද අනුමැතිය නොදීම හේතුවෙන් මෙසේ ප්‍රසිද්ධ කළ බවත් එසේ නොවුණ හොත් විදේශ කණ්ඩායමක් තරග සංචාරයක් සඳහා රටට පැමිණ සිටියදී ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය නොමැති යැයි හරවා යැවීමට සිදුවුවහොත් එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්තිනාමයට හානියක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් 'ලංකාදීප' පුවත්පතට පවසා තිබේ.


''වගකීමක් ගන්න බැහැ'' - ක්‍රීඩා ඇමති කියයි


කෙසේවුවද ඊයේ පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ක්‍රිකට් ආයතනයෙන් ඉදිරිපත්කර තිබු සංචිතයේ නම ලේඛනයට අනුමැතිය ලබාදී ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසුයේ, අදාල නාමලේඛනය සම්බන්ධයෙන් පැහැදිලි වගකීමක් ගත නොහැකි බැවින් තමා එම නාම ලේඛනයට අත්සන් නොකළ බවයි. එසේ වුවද තරඟාවලියට බාධාවක් විය හැකි බැවින් ඊට අනුමැතිය දෙන ලෙස අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස්දුන් බව ද ඔහු සඳහන් කළේය.


මෙම සංචිතයට චාමික කරුණාරත්න ගේ නම ඇතුලත් නොකිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශය හා ක්‍රිකට් ආයතනය අතර අර්බුදකාරී තත්වයක් මතුව තිබිණ. චාමික සම්බන්ධයෙන් මතුව ඇති විනය විරෝධී චෝදනා සහ ඔහු නියමිත යෝග්‍යතාවයෙන් නොසිටීම මත ක්‍රිකට් ආයතනය ඔහුව මෙම සංචිතයෙන් ඉවත්කර තිබෙන බව පැවසේ.



ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලිය අද ඇරඹේ



ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වන අතර පළමු තරඟය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීය. තරඟය දිවා රාත්‍රී තරඟයක් ලෙසයි පැවැත්වේ.

දෙරට අතර තරඟාවලියට එක්දින තරඟ 03 ක් ඇතුලත් වේ.

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන එක්දින තරඟාවලිය පැවැත්වෙන්නේ ලබන වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරඟාවලියට අදාළවයි. ඒ අනුව මෙම තරඟයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වේ.

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්