leader s

ජාතික ප්‍රශ්නයට විසදුම් ලබා ගැනීම සඳහා යැයි සාකච්ජාවට ඇරයුම් කරන ජනාධිපතිවරයාම දෙමළ ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන හමුදාවට ලබා දෙන ලෙස ආණ්ඩුකාරයාට උපදෙස් දෙන බවට

උතුරේ දේශපාලන පක්‍ෂයක් චෝදනා කර තිබේ.

'' `ලංකාවේ හමුදාවේ වැඩියෙන්ම ඉන්නේ උතුරු නැගෙනහිර පලාත්වල. යුද්ධය අවසන්වුවාට පසුත් මේ ප්‍රදේශ වල හමුදා ක්‍රියාකාරකම් දවසින් දවස වැඩි වෙමින් තියෙනවා. දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කරගන්න එක දිගටම වෙනවා,'' යැයි දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාතික ප්‍රශ්නය ඇතුළු දෙමළ ජනතාවට බලපාන සියලු ප්‍රශ්න වලට විසදුම් ලබා ගැනීම සඳහා සාකච්ජාවට එන ලෙස දෙමළ පක්‍ෂ නායකයන්ට ඇරයුම් කර තිබේ.

එම සාකච්ජා දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බව රජය පවසයි.



''මේ ආණ්ඩුව ජාතිවාදීවයි වැඩ කරන්නේ. සිංහල බෞද්ධ ආධිපත්‍ය පතුරවමින් වැඩ කරන්නේ. මේ වගේ පසුබිමක දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට විසදුම් ලබා ගන්න පුලුවන්ද,'' යනුවෙන් TNPF නායකයා ප්‍රශ්න කරයි. හමුදාව හිටපු කොටි සාමාජිකයන්ව ඉලක්ක කරගෙන වැඩ කරනවා. ඒ නිසාම බොහෝ දෙනාගේ ජීවනෝපාය අහිමි වෙලා. ආණ්ඩුව ජාතිවාදයෙන් තොරව වැඩ කරන තෙක් ගොඩ එන්න බැහැ.''


වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතා කැමැත්ත අනුව එම ධුරයට පත් නොවූ බව සිහිගන්වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා පවසන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට සහ ඔහුගේ ආණ්ඩුවට පැවති ජනතා විරෝධය තවමත් පවතින බවයි.

''ආණ්ඩුවට විරෝධය දැක්වූ වසන්ත මුදලිගේ PTA යටතේ දඩුවම් ලබනවා. මේ PTA එක ගැන දෙමළ ජනතාව හොඳින් දන්නවා. ඒකයි අපි එක දිගටම හඬ නැගුවේ PTA අහෝසි කරන්න කියලා.''

TNPF නායක පොන්නම්බලම් පෙන්වා දෙන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වශයෙන් පත් වූ විට ගාලු මුවදොර අරගලය රැකගත යුතු බවට පැවසුවත්, පසුව එය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස හඳුවන්නට වූ බවයි.

'' මැයි 9 වැනිදා ගෝල්ෆේස් අරගලකරුවන්ට පහර දීපු අය දැනටත් ආරක්ෂාකාරීව ඉන්නවා.''

නීතිය හා සාධාරණත්වය ඉටු නොවීම නිසා මේ ආණ්ඩුව යටතේත් රටේ ආර්ථිකය සාමන්‍ය ජනජීවිතය කඩා වැටී ඇතැයිද ඔහු පවසයි. 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්