leader s

මහවැව කුඩාමඩුවැල්ල, තල්විල, බරුදල්පොළ ඇතුළු වයඹ බටහිර මුහුදු තිරයේ ප්‍රදේශ කීපයක මුහුදේ සිදු කරන නීති විරෝධී ධිවර පන්න ක්‍රම වලට විරෝධය පල කරමින් ධීවරයන් පිරිසක් ඊයේ (29) පෙරවරුවේ  

විරෝධතාවයක නිරත විණි.

මේ සදහා හලාවත කතෝලික පදවියේ සහය ධිවරයනට හිමිව තිබීම විශේෂයි.

මේ විරෝධය සදහා ධීවරයන් සමග කතෝලික පියතුමන්ලා ද එක්ව සිටි අතර පැය දෙකකට ආසන්න කාලයක් මෙය පැවැත්විණි.

මේ විරෝධය මුලින් මහා මුහුදේ පැවැත්වූ අතර පසුව ගොඩ බිමේදීද පැවැත්විණි.

මෙහිදී තෙප්පම් බෝට්ටු වල නැගගත් ධීවරයන් මහා මුහුදට ගොස් විරෝධය පල කල අතර ඔවුන් අත ඉල්ලීම් සහිත පුවරු ද තිබිණි.

මේ වන විට මේ ප්‍රදේශවල කොටු දැල්, ලයිලා, සුරුක්කු යන නීති විරෝධී පන්න ක්‍රම වලින් මසුන් මැරීම ඉහල ගොස් ඇති අතර ඒ හේතුවෙන් පාරම්පරික සුළු පන්න ධිවරයනට ධිවර කර්මාන්තය කරගෙන යාමට නොහැකි වී ඇති බව ජාතික ධිවර සහයෝගිතාවයේ පුත්තලම්  දිස්ත්‍රික් සම්බන්ධිකාරක ලොයෙල් පිරිස් පැවසිය.

මෙහිදී අදහස් දැක්වූ කුඩාමඩුවැල්ල මීසම් පාලක එරන්ද රණසිංහ පියතුමා ප්‍රකාශ කලේ උද්ගෝෂණ නොකරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන්නත් තමන්ගේ ඉල්ලීම් ලබා ගැනීම සදහා වෙන විකල්පයක් නොමැති බවයි.

මේ හේතුවෙන් පසුගිය සති කීපයේ ගැටුම් කීපයක් ද සිදු වූ බව ධීවරයන් පැවසුහ.



(ප්‍රසාද් පුර්ණමාල්)

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්