leader s

ශ්‍රී ලාංකිකයනට ඇමෙරිකානු ඩොලර් 10000 ක අගයකට සමාන ඉන්දීය රුපියල් ප්‍රමාණයක් භෞතික වශයෙන් ළඟ තබා ගැනීමට ඉන්දීය රජය අවසර දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


ඉන්දීය රුපියල් ශ්‍රී ලංකාවේ නිල මුදල් ඒකකයක් නොවූවත් ශ්‍රී ලංකාව, ඉන්දීය රුපියල් මුදල් ඒකකය ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ඒකකයක් වශයෙන් නම් කරන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ඉන්දීය මධ්‍යම රජය මෙම තීරණය ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ඇති වී තිබෙන ඩොලර් හිඟය මග හරවා ගැනීමට අවශ්‍ය ද්‍රවශීලි සහාය මෙම තීරණය මගින් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

මෙය ඉන්දීය රුපියල ආසියාතික රටවල ප්‍රසිද්ධ කරමින් ඩොලරයේ යැපීම අඩු කිරීම සඳහා ඉන්දීය මධ්‍යම රජය දරන උත්සාහයේ එක් පියවරකි.

(lankadeepa.lk)

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්