leader s

පරිසරයට වැඩිම හානියක් සිදු වූ ලෝකයේ විනාශකාරීම නෞකා අනතුර ලෙස හැඳින්වෙන 'X-PRESS PEARL අනතුරින්' වන්දි ලබා ගැනීම සඳහා නඩු පවරන්නේ ද යන්න ගැන මේ දක්වා අවසන් තීරණයක්

ගෙන නැතැ යි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර BBC සිංහල සේවයට පවසා තිබේ.

එම අනතුර සිදුවී මේ වනවිට වසර එකහමාරක් ගතව තිබේ. වන්දි ලබා ගැනීම සඳහා ශ්‍රී ලකාවේ නඩු පවරන්නේ නම් ඒ සඳහා ඉතිරිව ඇත්තේ තවත් මාස හයක් පමණි.

එහෙත් නීතිපති දෙපාර්තමේන්තුව හෝ නීති උපදෙස් ලබා දෙන ඕස්ට්‍රේලියානු සමාගම මේ දක්වා නිල දැනුම්දීමක් කර නැතැ යි සභාපතිවරිය කියා සිටියි.

එමෙන්ම නඩු පැවරුව ද වන්දි ලබා ගැනීම සඳහා 2023 මැයි 20 වනවිට පරිසරයට සිදුවී ඇති හානිය සම්පූර්ණයෙන්ම ගණනය කිරීම කිසිසේත් අවසන් කළ නොහැකි බව ඊට සම්බන්ධ විශේෂඥ උපදෙස් දෙන අයෙකු පැවසු බව BBC සිංහල සේවය වාර්තා කරයි.

X-PRESS PEARL නෞකාව ගිනිගෙන, පිපිරීවලින් පසු මුදුබත්වන විට නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක්, වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486ක් එහි තිබිණි.

එම ව්‍යසනයෙන් පසු කැස්බෑවුන්, ඩොල්ෆින්, තල්මසුන් ඇතුළු මියගිය මුහුදු ජීවින් රැසක් ශ්‍රී ලංකා වෙරළට ගොඩගැසූ අතර, තෙල් විසිරීමක් සහ වෙරළ දූෂණය වීම දක්නට ලැබිණි.

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්