leader s

ගත වූ මාස 10 තුළ සමාජ මාධ්‍ය අවභාවිත කිරීමේ සිද්ධි 12,000ක් වාර්තා වී ඇතැයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් ඊයේ (දෙසැ.1) පාර්ලිමේන්තුවේදී පැවසිය.


ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර සංසදයට මෙම සිද්ධි වාර්තා වී ඇතැයි ද කනක හේරත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවන් සහ ළමයින් හිංසනයට පත්කිරීමේ සිදුවීම් වාර්තා වී ඇති අතර මෙවැනි සිද්ධි පිළිබඳව මවුපියන් හා තොරතුරු තාක්ෂණ අංශයේ ගුරුවරුන් ද වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියි.

මෙරට ආර්ථීකය නගා සිටුවීමට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය උපයෝගි කර ගැනීමට ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරන බව ද කනක හේරත් රාජ්‍ය අමාත්‍යවරයා කීය. 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්