leader s

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ආජන්ටිනා කණ්ඩායම සමත්විය.


ඒ මෙරට වේලාවෙන් අද (14) අලුයම පැවති අවසන් පූර්ව තරගයෙන් ක්‍රොඒෂියා කන්ඩායම ගෝල 3ට 0ක් ලෙස පරාජයට කරමිනි.

එහිදී සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී ආජන්ටිනාව වෙනුවෙන් මෙම තරගයේ පළමු ගෝලය වාර්තා කළේය.

තරගයේ 34 වන මිනිත්තුවේදී දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් මෙසී එම ගෝලය වාර්තා කළේය.

අනතුරුව ආජන්ටිනා කන්ඩායම වෙනුවෙන් Julián Álvarez දෙවන ගෝලය වාර්තා කිරීමට සමත්විය.

ක්‍රොඒෂියා දැල් රකින්නා සම්පූර්ණයෙන්ම පරාජය කරමින් ඔහු එම විශිෂ්ට ගෝලය වාර්තා කළේ තරගයේ 39වන මිනිත්තුවේදීය.

ඒ අනුව තරගයේ පළමු අර්ධය අවසන් වනවිට ගෝල 2ට 0ක් ලෙස ආජන්ටිනාව පෙරමුණේ පසුවිය.

තරගයේ දෙවන අර්ධයේදී යළි ක්‍රියාත්මක වූ මෙසී ක්‍රොඒෂියා ක්‍රීඩකයින් මවිත කරවමින් පාපන්දුව දැල ආසන්නයට ගෙන  යාමට සමත්විය.

එහිදී ලද ඇසිල්ලෙන් ක්‍රියාත්මක වූ Julián Álvarez මෙම තරගයේ 69වන මිනිත්තුවේදී සිය දෙවන ගෝලයත් ආජන්ටිනාව වෙනුවෙන් තුන්වන ගෝලයත් වාර්තා කළේය.

(adaderana.lk)

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්