leader s

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සදහා ලබාදී ඇති පොදු සමාකාලය තුළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 18,202ක පිරිසක් සේවයෙන්

ඉවත්වීමට ඉදිරිපත් වී සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම පිරිසෙන් යුද හමුදා සාමාජිකයන් 16,174 දෙනෙකු, නාවික හමුදාවේ 1,061 දෙනකු , ගුවන් හමුදාවේ 967 දෙනකු සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

යුද හමුදාවේ පිරිස අතර නිලධාරීන්  32ක් සිටින බව යුද හමුදා මාධ්‍ය  ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් සඳහන් කරයි.

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සදහා ලබාදී ඇති පොදු සමාකාලය තුළ 16,000කට අධික යුද හමුදා සාමාජිකයින් පිරිසක් සේවයෙන් ඉවත්වීමට රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත ඉදිරිපත් වී සිටින බව හමුදාව පවසයි.

මෙම පිරිස අතර නිලධාරීන් 32ක් සහ සෙසු නිළයන් 15,891 දෙනෙකු සිටින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා සඳහන් කරයි.



පොදු සමාකාලය දෙසැම්බර් 31 වැනි දින දක්වා..


පසුගිය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 31 වන දින දක්වා මෙලෙස පොදු සමාකාලයක් ප්‍රකාශයට ඇති අතර අද (15) දිනය වන විට මසක කාලය තුළ පමණක්  මෙම පිරිස ඉදිරිපත්ව සිටි බව හමුදා ප්‍රකාශවරයා කියා සිටියේය.

මෙම  පිරිසෙන් නිලධාරීන් 21  දෙනකු සහ සෙසු නිළයන් 15,619 ක පිරිස නිශ්කාශන කටයුතු අවසන් කර  හමුදා සේවයෙන් ඉවත්ව ඇති බවද හමුදා ප්‍රකාශකවරයා කීය.

තවත් නිලධාරීන් නිලධාරියෙක් සහ සෙසු නිළයන් 151 දෙනකු සේවයෙන් ඉවත්  වීම නිශ්කාශන කටයුතු  අවසන් වනතෙක් රෙජිමේන්තු මධ්‍යස්ථාන වල රඳවා සිටින බවද හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය.

හමුදා සේවය හැරගොස් විදේශව සිටින හමුදා සමාජිකයන්ට ට මෙම පොදු සමාකාලය තුළ නීතියාණුකූලව ඉවත් වීම සදහා අවස්ථාව හිමිව වු අතර, එලෙස විදේශ ගත වු  නිලධාරීන් 10 දෙනකු සහ සෙසු නිළයන් 91 දෙනකු ඔවුන්ගේ ළගම ඥාතින් හරහා රේජිමේන්තු මධ්‍යස්ථාන වෙත අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර හමුදා ඉවත් වී ඇති බවද හමුදා ප්‍රකාශතවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම පොදු සමාකාලය දෙසැම්බර් 31 වැනි දින දක්වා ක්‍රියාත්මක  වේ.

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්