leader s

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් පැහැරගෙන බොරැල්ල සුසාන භූමියට රැගෙන ගොස් ඝාතනය කිරීමට උත්සාහ දරා ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.

රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයකු හමුවීම සඳහා යන බව බිරිඳට පවසමින් කුරුඳුවත්ත මල් පාර නිවසින් සභාපතිවරයා අද දහවල් පිටත්ව ගොස් තිබූ බව පොලීසිය කියයි.

ඔහුගේ බිරිඳ මද වේලාවක දී ඔහුට දුරකථන ඇමතුම් ලබා ගෙන ඇති අතර සභාපතිවරයාගේ දුරකථනය ක්‍රියා විරහිත ව තිබී ඇති අතර බිරිඳ ජංගම දුරකථනයට ඔහු බොරැල්ල සුසාන භූමිය තුළ රැඳී සිටින බවට සංඥා ලැබී ඇතැයි පොලිසිය කියයි.

වහා ක්‍රියාත්මක වූ සභාපතිවරයාගේ බිරිඳ සමාගමේ විධායක නිලධාරියකුට ඒ බව පවසා බොරැල්ල සුසාන භූමිය වෙත එවා ඇති අතර ඔහු පැමිණ කළ සොයා බැලීමේදී සභාපති වරයා පැමිණි මෝටර් රථයේ රියදුරු අසුන මත ඔහුගේ අත් දෙක ගැට ගසා ගෙලට වයරයක් දමා තිබෙන අයුරු එක තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

(lankadeepa.lk)

image 75431d1b14

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්