leader s

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා සකස් කළ පරිසර හානි තක්සේරු වාර්තාව ලබන මස 15 වැනිදාට ප්‍රථම නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ

අධිකාරිය පවසයි.

අදාළ වන්දි ලබා ගැනීම සඳහා මෙරට අධිකරණයක නඩුවක් පැවරීම යෝග්‍ය බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මීට පෙර කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබුණි.

කෙසේවෙතත් පසුගියදා පැවති කැබිනට් මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා සිංගප්පූරු අධිකරණයක් හමුවේ නඩුවක් පවරන ලෙස උපදෙස් ලබා දී ඇත.

එහිදී විෂයබාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මතය වෙනුවෙන් පෙනී සිටියදී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ නීතිපති දෙපාර්තමේන්තුවේ මතය වෙනුවෙන් පෙනිසිට ඇත.

මේ සම්බන්ධයෙන් 'අද දෙරණ' කළ විමසීමකදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතීඥ සුදර්ශනී ළහඳපුර පවසා තිබුනේ, මෙතෙක් පරිසර හානිය තක්සේරු කර අවසන් කර නොමැති බවය. පරිසර හානිය වෙනුවෙන් මෙතෙක් ගෙවීමක් සිදුව නොමැති බව ඇය පවසයි.


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්